මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගබඩාකර තිබූ වී තොග ඉවත් කිරීමේ කටයුතු අද ආරම්භ විය.
වී අලෙවි මණ්ඩලය මගින් 2014-09-02 දින වී මෙට්ට්‍රික් ටොන් 4000 ක් ගබඩා කල අතර එය දැඩි ලෙස ආන්දෝලනයකට පත්විය.
පශු සමපත් හා ග්‍රාමිය ආර්ථික සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්ගේ ප්‍රධානත්වයෙන් වී තොග ඉවත් කිරීම සිදුවිය.
මූලික වශයෙන් වි කිලෝ 59,5000 ක් මුදා හැරිම සිදු කල අතර ඉදිරි දිනවල සියළු තොට ඉවත් කරන බව ඇමැතිවරයා පැවසීය.
වී අලෙවි මණ්ඩලය වි කිලෝවක් රුපියල් 45 ට මිළ දී ගෙන 42 ට අලෙවි කිරීම සිදු කෙරේ.
(ලුණම සමූහ සනත් ගමගේ)