ඉදිරියේදී මෙරට වාහන මිල සියයට විස්සකින් පමණ ඉහළ යනු ඇතැයි මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති මහින්ද සරත්චන්ද්‍ර මහතා සඳහන් කළේ, අයවැය මගින් බදු සංශෝධනයට අනුව රථවාහන සඳහා ඉහළ බද්දක් පැනවීම ඊට හේතුවී ඇති බවයි.
ඒ අනුව අලුතින් ආනයනය කරනු ලබන මෝටර් රථයක මිල අවම වශයෙන් රුපියල් ලක්ෂ පහකින් පමණ ඉහළ යනු ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ.
නව බදු ක්‍රමයට අනුව රථවාහන ආනයනය කිරීම සඳහා පැරණි මිලට ගෙන්වා ඇති වාහන තොග ඉක්මනින් මිලට ගැනීමට කටයුතු කරන ලෙස මහින්ද සරච්චන්ද්‍ර මහතා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
