මේ මස චීනයේ රජයේ ඇරයුමක් අනුව එරට සංචාරය කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කළ ආරාධනය චීන රජය විසින් දින නියමයකින් තොරව කල් දමා ඇතැයිදේශපාලන ආරංචි මාර්ග පවසනවා. එම වාර්තා හෙලි කරන්නේ වත්මන් රජය විසින් චීනය සමග යලි සබදතා තර කර ගැනීම මත මෙම තත්ත්වය මතුව ඇති බවයි. විශේෂයෙන්ම පෝට් සිටි ව්‍යාපෘතිය සදහා කොන්දේසි සහිතව අනුමැතිය ලබාදීම මෙම සංචාරය කල් දැමීමට හේතුවක්ව ඇති බවයි පැවසෙන්නේ. මේ මොහොතේදී හිටපු ජනාධිපතිවරයාට ආරාධනා කිරීම තුලින් යළිත් දෙරටේ රජයන් අතර අවිශ්වාසය ගොඩනැගිය හැකි බව චීන රජය අවධානයට ලක් කර ඇති බවද සදහන්.
චීන රජය විසින් මහින්ද රාජපක්ෂ මහතාට මෙම ආරාධනාව සිදුකිරීම සඳහා මූලිකවම හේතුවී ඇත්තේ ඔහු පසුපස චීන රජය සිටින බවට ශ්‍රී ලංකාවට මෙන්ම අසල්වැසි ඉන්දියාවට ද සංඥා කිරීමට බවද මීට පෙර ප්‍රකාශවී තිබුණා. මේ වන විට දේශපාලන වශයෙන් රාජපක්ෂ මහතාට ඉටු කළ හැකි කාර්යා භාරය තක්සේරු කිරීමෙන් පසුව චීන රජය සංචාරය අවලංගු කිරීමට තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ. මෙතෙක් චීන රජයෙන් හිමිව තිබූ දේශපාලන සහය අහිමිවුවහොත් රාජපක්ෂ මහතාට දැඩි අවාසිසහගත තත්ත්වයක් මතුවීම නොවැලැක්විය හැකි බවද අදාළ වාර්තා අනාවරණ කළා.
