සරත් ෆොන්සේකාට උදවුකිරීම හේතුවෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීම සංවිධානය කොට ක්‍රියාත්මක කළේ එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගොඨාභය රාජපක්ෂ මහතාගෙන් ලැබුණු නියෝගයකට අනුව බව ඒ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින සැකකරුවන් පාපොච්චාරණය කොට ඇති බව කියයි .
සැකකරුවන් ලබාදී ඇති කටඋත්තර අනුව ඔහු පැහැරගෙන යාමට හේතුවී ඇත්තේ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය සදහා ඔහු විසින් ලියන ලද “රාජපක්ෂ පවුල් ගස ” නම් ලිපිය හා යුද විරුවකු ලෙස සරත් ෆොන්සේකා මහතාගේ සේවය ගැන සකස් කල කැසට් පටයකි .
ගිරිතලේ හමුදා කදවුරේදී ඔහුගෙන් මෙම කරුණු ගැන ප්‍රශ්න කල බව කටඋත්තරවල සදහන්ය .
එමෙන්ම ප්‍රගීත්ට කිසිදු එල් ටී ටී ඊ සබදතාවක් නොතිබූ බවද පරීක්ෂනවලදී තහවුරු වී ඇත .
ඔහු සොයා ආ හමුදා ඔත්තුකරවකු වන හිටපු කොටි සාමාජිකය ප්‍රගීත්ගෙන් ඉල්ලා ඇත්තේ තමන්ට රටින් පිටව යාමට උදවු කරන ලෙසයි . එයට එකග වූ ප්‍රගීත් තමන් පැහැරගැනීමට පැමිණි වාහනයට නැග ඇත්තේ ඔහුට උදවු කිරීම ගැන සාකච්ඡා කරගැනීමට යාම සදහාය.
උදවු ඉල්ලු මිතුරා ප්‍රගීත් මරණය කර රැගෙන ගොස් ඇත්තේ හමුදාවටද ඉහලින් ලැබුණු නියෝග ඉටු කිරීම සදහාය .