මිනිසා සහ සොබාදහම අතර චිරාත්කාලීනව පවත්නා සබඳතාවය වඩාත් ආකර්ශනීය ලෙස හා ගෞරවාන්විතව විදහා දැක්වෙන අවස්ථාවක් ලෙස තෛපොංගල් උත්සවය හැඳින්විය හැකි බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තෛපොංගල් දින සිය සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
තෛපොංගල් උත්සවය වෙනුවෙන් උතුරුවන කිරි දියර සේ මනුෂ්‍යයින්ට, මනුෂ්‍යයින්ගේ ආදරයද දැල්වෙන පහන් වැටි ඔස්සේ අඳුර දුරු වී සැබෑ සහජීවනයේ ආලෝකයද විහිදේවා යන්න තමන් සුබාශිංසන එක්කරන බව ජනපතිවරයා සිය සුබ පැතුම් නිවේදනයෙන් සඳහන් කරයි.
