• Sat. Jan 28th, 2023

GSP සහනය ලබාගන්න සහය දෙනවා – හියුගෝ ස්වයාර්

BySandun

Jan 15, 2016

hugo swayrලංකාවට ජි.එස්.පී ප්ලස් සහනය ලබාගැනිම සදහා අවශ්‍යය සහයෝගය ලබා දෙන බව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හියුගෝ ස්වයාර් මහතා ප්‍රකාශ කර තිබේ.

ඊයේ (14) කොළඹ පැවැති ව්‍යාපාරික සමුළුවකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ එම සහනය ලබා ගැනිම සඳහා ශ්‍රී ලංකාව තවත් අවශ්‍යතා එකක් හෝ දෙකක් ඉටුකළ යුතුව ඇති බවයි.

මෙරට සාමය සහ ප්‍රතිසන්ධානය ඇති කිරිම සඳහා බ්‍රිතාන්‍යය රජය පවුම් මිලියන 6.6 ක ආධාරයක් ලබා ‍දෙන බව ද එහිදී සඳහන් කර ඇත.

එමෙන්ම ආයෝජන වල විශ්වාසය ඇති කිරිම සඳහා අල්ලස හා දුෂණයට එරෙහිව ක්‍රියා කිරිමට විශේෂඥයින් පුහුණු කිරිම ඇතුලු සහයෝගයන් ලබා දෙන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ අතර බ්‍රිත්‍යානය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හියුගෝ ස්වයාර් මහතා අද යාපනයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇත.

යාපනයේ පැවැත්වෙන ජාතික තෛපොංගල් උත්සවයටද ඔහු සහභාගී වීමට නියමිතය.

හියුගෝ ස්වයාර් මහතා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා හමුවී සාකච්ඡා කිරිමට සැලසුම් කර තිබේ.

ඔහු බිම් බෝම්බ ඉවත් කළ ප්‍රදේශවල වෙසෙන පවුල්වල සාමාජිකයින් හමුවිමට නියමිත අතර මෙරට බිම් බෝම්බ ඉවත් කිරිමේ කාර්යයේ නිරතව සිටින බ්‍රිතාන්‍යය සහන කණ්ඩායම හමුවිමට ද නියමිත බව වාර්තා වෙයි.

හියුගෝ ස්වයාර් මහතා ඊයේ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා හමුවී සාකච්ඡාවක් සිදු කළ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ දෛනික ජිවිතයේදී දෙමළ ජනතාව මුහුණ දෙන කරුණු සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබේ.

හියුගෝ ස්වායර් මහතා හෙට ගාල්ලේ පැවැත්වෙන සාහිත්‍ය උත්සවයට ද සහභාගී වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *