• Thu. Feb 2nd, 2023

මුස්ලීම් ත්‍රස්තවාදයට එරෙහිවූ මුස්ලිම් ආගමිකයෝ

BySandun

Jan 15, 2016

isis

අල් ශබාබ් අන්තවාදීන් විසින් කෙන්යානු බස් රථයක් වෙත එල්ල කරනු ලැබූ ප්‍රහාරයකින් ක්‍රිස්තියානි ආගමිකයන් පිරිසක් බේරා ගැනීමට එම බසයේ ගමන් ගත් මුස්ලිම් ආගමිකයන් සමත්ව තිබෙනවා.
මෙම සිදුවීම විස්තර කරන එම බස් රථයේ රියදුරු පවසන්නේ අල් ශබාබ් අන්තවාදී සංවිධානයේ තුවක්කුකරුවන් ක්‍රිස්තියානි මිනිසුන් එක් පැත්තකටත් මුස්ලිම් මිනිසුන් තවත් පැත්තකටත් වෙන් වන ලෙස අණකෙරූ බවයි. ඒ මොහොතේ මුස්ලිම් මගීන් තම අගමිකත්වය හෙළිකිරීම ප්‍රතික්ෂේප කර වෙඩි තබනවානම් සියලු දෙනාටම වෙඩි තබන ලෙස පවසා තිබෙනවා.

කෙසේ වුවත් මෙම ප්‍රහාරයෙන් දෙදෙනකු පමණක් මිය ගොස් ඇති අතර අනික් සියලු දෙනාම දිවි ගලවාගෙන ඇති බව වාර්තා වෙනවා. මේ වසරේ මුල් කාලයේ කෙන්යාවේ ගරිස්සා විශ්ව විද්‍යාලයට ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේත් අල් ශබාබ් සංවිධානයයි. එම ප්‍රහාරයෙන් සිසුන් 148 දෙනෙකු මියගිය අතර එලෙස මරාදැමූ සිසුන් අතරින් බහුතරය ක්‍රිස්තියානි ආගමිකයන් බව පැවසෙනවා. සෝමාලියාව මූලික කරගෙන ආරම්භ වූ අල් ශබාබ් සංවිධානය පසුගිය කල සීමාව තුළ කෙන්යාවේ මහජනයා ගැවසෙන ප්‍රදේශ ඉලක්ක කර ප්‍රහාර ගණනාවකම එල්ල කර තිබුණා. කෙන්යානු බලධාරීන් පවසන්නේ ලෝකයේ විශාලතම සහ පැරණිම සරණාගත කඳවුරක් ලෙස සැළකෙන ඪඩාබ් තුළ ත්‍රස්තවාදය පෝෂණය කරන වටපිටාවක් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *