• Tue. Feb 7th, 2023

විජයදාසගේ කෝටි ගණනක ඉඩම් කොල්ලය සාක්ෂි එක්ක මෙන්න..!!

BySandun

Jan 15, 2016

wijayadasa land issu

විජයදාස රාජපක්ෂ බලෙන් අල්ලාගෙන තිබෙන ඉඩම් සහ දේපල පිලිබදව සරත් ෆොන්සේකා පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී කරුණු හෙළිදරව් කරන ලදී

ඒ අනුව විජේදාස රාජපක්ෂ, කෘස් නැමැති ධනවත් ව්‍යාපාරික පවුල සතු අක්කර 300 ක පමණ ඉඩම්ද එම පවුල සතු සමාගමක්ද තමන්ගේ බුදලයක් කොට ගෙන ඇති අතර එම පවුලේ දරු මුණුබුරන් මේ වනවිට අනාථ කොට ඇති බවද සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර සරත් ෆොන්සේකා විසින් රූප රාමු සහිතව හෙළිදරව් කළ අතර පහත ඡායාරූප මගින් අදාළ පවුලේ විස්තර හා විජේදාස රාජපක්ෂ එම පවුල අනාථ කළ ආකරය දැක්වේ.
එසේම
නීත්‍යානුකුල නොවන සේනාධිපති ගිවිසුම් පිළිබඳවත් විජයදාස රාජපක්ෂ සිදු කල මහා පරිමාණ වංචා පිළිබඳවත් මෙහිදී මාධ්‍ය වෙත කරුණු හෙළිකරන ලදී.

හිරු ටී වී ආයතනයේ සලකුණ වැඩසටහන ‘මළකුණ’ ලෙස හැඳින්වූ සරත් ෆොන්සේකා තමන්ට මඩ ගැසීමට දුමින්දගේ නාලිකාව විජයදාසට අවස්තාව ලබා දුන්නද එකී බොරු වලට පිළිතුරු දීමට තමන් අවස්තාව ඉල්ලු විට ඒ සඳහා කිසිදු අවස්තාවක් ලබා නොදුන් බවත් ඉදිරියේදී දුමින්ද ප්‍රමුඛ මලකුනට පිළිතුරු ලබා දෙන බවත් ප්‍රකාශ කරන ලදී.

අප මාධ්‍ය ආයතනය විසින් මහින්ද රාජපක්ෂ කණ්ඩායම ආරක්ෂා කරන්නේ රනිල් වික්‍රමසිංහ විසින් නොවේදැයි ඇසු අවස්තාවෙත් ලලිත් කුගන් ඝාතනය වූ බව මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවත් කිසිදු නීතියක් ක්‍රියාත්මක නොවන්නේත් , මේ සියල්ල පිටු පස ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ දේශපාලන අර්බුදය විද්‍යමාන වන බවත් මතු කල විට ෆීල්ඩ් මාර්ෂල් වරයා විසින් ඊට පිළිතුරු ලෙස ලබා දුන්නේ
ආණ්ඩුව තුල දේශපාලන අර්බුදයක් පවතින බවත් අගමැතිවරයා මහින්ද රාජපක්ෂ ඛණ්ඩායම ආරක්ෂා කරන බව තමන් පිලි නොගන්නා බවයි.

wijedasa rajapaksa1

wijedasa rajapaksa wijedasa rajapaksa1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *