• Sat. Jan 28th, 2023

ජනපති ඔබාමාගේ සාක්කුවේ බුදු පිළිමයක් හා කොන්තයක්. (Video)

president obama

ඇමරිකානු ජනපති බරක් ඔබාමා සිය කලිසම් සාක්කුව තුළ රැගෙන යන දෑ පිළිබඳව විශේෂ හෙළිදරව්වක් කළේ ‘යු-ටියුබ්’ ආයතනය හා සාකච්ඡාවකට එක් වෙමින්.
සිය දේශපාලන දිවිය තුළ විවිධ පුද්ගලයන් වෙතින් ලැබුණු ඇතැම් ත්‍යාග තමා සමග රැගෙන යන බවයි ජනපතිවරයා කියා සිටියේ.
‘ආශීර්වාද පිණිස සහ සිහිවටන වශයෙන්’ තමා වෙත ලැබුණු දෑ ජනාධිපතිවරයා සිය කලිසම් සාක්කුවෙන් පිටතට ගෙන සාකච්ඡාව පැවැත්වූ මාධ්‍යවේදිනිය ඉදිරියේ ප්‍රදර්ශනය කළේය.
”ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පිරිනමන ලද කිතුනු නව ගුණ වැලක්, බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් විසින් දුන් කුඩා බුදු පිළිමයක්, කාන්තාවක් විසින් ලබා දෙනු ලැබූ හනුමාන් දේව රූපයක් සහ ඉතියෝපියාවේ සංචාරය කළ අවස්ථාවක ලැබුණු කුරුසියක්’ ද ඒ අතර විය.
අන්ධ විශ්වාසයෙන් නොව
අන්ධ විශ්වාසයෙන් නොව තමාට හමු වූ විවිධ පුද්ගලයන් සහ ඔවුන් තමා වෙත තැබූ විශ්වාසය සිහිවීම් වස් එම සිහිවටන තම සාක්කුවේ තබා ගෙන සිටින බවයි ඇමරිකානු ජනපතිවරයා පවසන්නේ.
‘මම ජනතාව අමතන විට ඔවුන් යම් යම් දෑ මා වෙත පිරිනමනව.ආශීර්වාද පිණිස සහ සිහිවටන වශයෙන් ළඟ තබා ගන්නා දේවල්. ඔවුන්ගේ ජීවිතේට වැදගත් දේවල්. මම සෑම විටකම ඒවා මා සමග රැගෙන යනවා. දැන් මට මේක පුරුද්දක් වෙලා. ලැබෙන සියල්ල මට රැගෙන යන්න බැහැ. මට මුණ ගැසුණු සහ ඔවුන් මට පැවැසූ දේවල් මතකයේ තබා ගැනීම සඳහා එලෙස මට ලැබුණ දේවල් අතුරින් කීපයක් සෑම විටම මා සමග රැගෙන යනවා. ඉතින් අද මගේ සාක්කුවේ තිබෙන්නේ මේ දේවල්’ ජනාධිපති ඔබාමා සඳහන් කළේය.
‘මට විඩා දැනුණු විටක හෝ අධෛර්යයට වූ විටක මම මගේ සාක්කුව දෙසට අත යොමු කරලා කියනවා, ඔව්.. මට මේකෙන් ගොඩ එන්න පුළුවන්. මට විශේෂ අවස්ථාවක් ලබා දී තිබෙනවා – මිනිසුන්ට බලපාන ගැටලු විසඳීම සඳහා කටයුතු කරන්න. ඒ නිසා මම නැවතත් මගේ රාජකාරියට යා යුතු බව’ ඔබාමා පවසයි.

https://www.facebook.com/video.php?v=898700490237753

Leave a Reply

Your email address will not be published. Required fields are marked *