ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙළිකොප්ටර් තමන්ට රිසි සේ භාවිතයට ගැනීම සම්බන්ධයෙන් හිටපු ඇමති බැසිල් රාජපක්ෂට හා හිටපු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභට රාජපක්ෂට එරෙහිව මේ වන විට චෝදනා ගොනු වී ඇතැයි වාර්තාවේ.
තම පෞද්ගලික ගමන් විශාල ප්‍රමාණයක් සදහා ගුවන් හමුදාවට අයත් හෙළිකොප්ටර් රිසි සේ යොදාගෙන ඇති මෙම දෙපොල ඒ සදහා අමාත්‍යංශය මගින් හෝ වෙනත් කිසිදු ගෙවීම් ක්‍රමයකින් සිදුකොට නොමැති බවද වාර්තාවේ.
එක් ගමන් වාරයක් සදහා ලක්ෂ 02කට ආසන්න ගෙවීමක් සිදුවන අතර එවැනි ගමන්වාර විශාල ප්‍රමාණයක් බැසිල් රාජපක්ෂ විසින් සිදුකොට ඇති බවද වාර්තා වේ.
එසේම ගෝඨභය රාජපක්ෂ විසින් ද උතුරු නැගෙනහිරට අමතරව දිවයිනේ වෙනත් ප්‍ර දේශ වෙත යාම සදහා ගුවන් හමුදා හෙළිකොප්ටර් භාවිතා කොට ඇති බවද වාර්තා වන අතර මේ සම්බන්ධයෙන් ඉදිරියේදී මූල්‍ය අපරාධ කොට්ඨාසය ප්‍රශ්න කිරීමට නියමිත බවද වාර්තා වේ.