• Mon. Feb 6th, 2023

ගව ඝාතනයට එරෙහිව ජනාධිපති මෛත්‍රී වැඩ අරඹයි..!!

maithripala sirisena and cow meals

ශ්‍රී ලංකාවේ ගව සම්පත ආරක්ෂා කර ගැනීම සඳහා ගව මස් ආහාර ලෙස ලබා ගන්නන්ට ඒවා පිටරටින් ආනයනය කර ලබා දෙන ලෙස තමන් මුදල් හා වෙළද අමාත්‍යවරයාට දන්වා ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

පයාගලදී පැවති තෛපොංගල් සැමරුම් උත්සවයකට එක් වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව පැවසුවේ.

150912105104_india_beef_controversy_640x360_afp_nocredit“පහුගිය දවස්වල අපේ අයවැය හදන කොට මම මුදල් ඇමතිතුමාට පැහැදිලි කළා, ගවයන් මරන්නේ නැතුව ගවමස් අවශ්‍ය අයට ගව මස් පිටරටින් ආනයනය කර ලබා දෙන ලෙස. මම වෙළඳ ඇමතිවරයාට කියනවා මේ රටේ ගව සම්පත ආරක්ෂා වෙන්න ප්‍රධාන වශයෙන් ගව මස් පරිභෝජනය කරන්නන්ට අවශ්‍යනම් ඒවා පිටරටින් ගෙන එන ලෙසට.

එමෙන්ම තමන් කිසිම ආකාරයේ සත්ව හිංසාවකට විරුද්ධ බව ප්‍රකාශ කල ජනාධිපතිවරයා මස් මාංශ කෑමෙන් වැලකි සිටින අයෙකු ලෙස තමන්ට ඒ ගැන ප්‍රකාශ කල හැකි බවයි සඳහන් කළේ.

160115114410_india_beef_640x360_reuters_nocredit“මෙහෙ කලත් පිටරට කලත් මම කිසිසේත්ම සත්ව හිංසාව අනුමත කරන කෙනෙක් නෙවෙයි, මම මස් කන කෙනෙක් නෙවෙයි, ගව මස් විතරක් නෙවෙයි හැම මසක්ම, ඒ නිසා මට ඒ ගැන කතා කරන්න පුළුවන්” ජනාධිපතිවරයා තවදුරටත් පැවසීය.

ගවයන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පවත්නා නීති පිළිබඳව යළි විමසුකට ලක් කලයුතු බවටයි ඔහු වැඩිදුටටත් සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *