
බෞද්ධ දර්ශනයේ ආභාෂයෙන් ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනැගීමට අවශ්‍ය පදනම සකස් කිරීමත්, යහපත් රාජ්‍යපාලනයක් මත ගොඩනැගුණු ශ්‍රී ලංකාවක් බිහිකිරීමත් මේ බුද්ධි මණ්ඩලය පිහිටුවීමේ අපේක්ෂාවයි.
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති පූජ්‍ය මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ, විද්‍යෝදය පිරිවෙන් පරිවේනාධිකාරී පූජ්‍ය මහාචාර්ය අකුරැටියේ නන්ද හිමියන්, පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර නායක හිමියන්, පූජ්‍ය මාහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන්, පූජ්‍ය මහාචාර්ය විජිතපුර විමලරතන හිමියන් ප්රමුඛ දිවයිනේ නන් දෙසින් පැමිණි භික්ෂූන් වහන්සේලා රැසක් මෙම බෞද්ධ බුද්ධි මණ්ඩලයට සහභාගී වූහ.
