පසුගිය ජනාධිපතිවරන වේදීකාවේ ඉමහත් කථා බහට ලක් වූ එක් කරුණක් වූයේ රාජපක්ෂ පුතුන්ගේ සුපිරි මෝටර් රථ සම්බන්ධවයි. එමෙන්ම පසු කාලීනව එම වාහාන සොයා ගැනීම හා සම්බන්ධව ඇති වූ යම් යම් සිදුවීම් කරුණු කොටගෙන යහපාලන ආණ්ඩුවට බොහෝ පිරිසකගෙන් චෝදනාද එල්ල වෙමින් තිබෙනවා.
අපි මේ හෙළිකිරීමට යන්නේ රාජපක්ෂ පාලන සමයෙහි සමාජ ජාලා ආශ්‍රිතව විශාල කථා බහක් ඇති වූ නාරහේන්පිටදී අනතුරකට ලක්ව පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණ රැගෙන ගිය , ඒ හා සමානවම මාධ්‍යවලට දැඩි තහංචියක් පැනවූ සිදුවීමේ සත්‍යතාවයයි.
2014 මැයි 1 දින නාරාහේන්පිට බේස්ලයින් පාරේ අංක තහඩු නොමැතිව අධික වේගයෙන් පැමිණි ෆෝර්ඩ් මස්ටැන්ක් වර්ගයේ කාර් රථයක් ත්‍රිරෝද රථයක් සමග ගැටී එහි සිටි තරුණයෙක් තුවාල වූ සිදුදියක් එදා ජනමාධ්‍ය තුළ වාරණයට ලක් වූ ප්‍රවෘත්තියක් වූවත් සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව විවිධ ආකාරෙය පින්තූර හුවමාරූ වූවා.
මෙම අනතුර සිදුවූ වහාම එම ස්ථානයට විශේෂ කාර්ය බලකායෙ බටපිරිස් පැමිණියා ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක වූ බට පිරිස් කාර් රථය එතනින් ඉවත් කොට රැගෙන යාමට ක්‍රියා කර අතර, අනතුරට පත්වූ ත්‍රී රෝද රථයේ තරුණයාව රෝහල් ගත කිරීමට ප්‍රථම වාහනය රැගෙන ගොස් තිබුනා.
පසුව හෙළි වූයේ කිසිදු පොලිස් ස්ථානයකට රැගෙන නොගොස් එම රථය ගෙන ගොස් ඇත්තේ කඩුවෙල වාහන අලුත් වැඩියා කරන ස්ථානයට බවයි.
මෙසේ සිද්දි දාමය වනවිට මෙම කාර් රථය කාගේද යන්න බොහො දෙනා අවදානය යොමුකර අංක තහඩු නොමැති මෙම වාහනය පොලිස් බාරයට නොගැනීම කාගේ උවමනාවට සිදුවුවාදැයි සෙවීමට එදා මාධ්‍ය පවා බිය වුනා.
එමෙන්ම අවස්ථා ගණනාවකදීම මෙම කාර් රථය ගාලු මෝදර පාර වසා රාජපක්ෂ දරුවන් රාත්‍රිකාලයේ පදවන අයුරු බොහෝ දැක තිබෙනවා. එමෙමෙන්ම CSN නාලිකාව සංවිධානය කරන නයිට් රේස් සදහා මෙම කාරය සමග රාජපක්ෂ දරුවන් පැමිණි අවස්ථා බොහො අය දැක තිබෙනවා.
මේ ඒ හරහා මෙම සිදුවීම යළිත් වතාවක් නව රජය බලයට පත්වීමේන් අනතුරුව මතු වූයේ බෝකුන්දර ප්‍රදේශයේ අංක තහඩු වෙනස්කරන ලද නිසාන් ජි ට් ර් GTR කාර් රථයක් සොයාගැනීමත් සමගය.එම කාර් රථයද රාජපක්ෂ දරුවන් මෝටර් රථ තරග සදහා යොදාගත් වාහනයක් ලෙස හදුනාගත්තා.
අපට හෙළි වී ඇති කරුණු අනුව මැයි පළවෙනිදා අනතුරට පත් අදික වටිනාකමකින් යුත් මෙම කාර් රථය අද ඉතා සුක්ෂම ලෙස කඩුවෙල පිහිටි වාහන අංගනයක සගවා ඇති බව තොරතුරු අනාවරණය වී ඇත.
රාජපක්ෂවරුන් තමන්ට හිමි වාහන ඉතා සූක්ෂම ලෙස ලියාපදිංචි නොකර විවිධ පුද්ගලයන් බාරේ තබා නීතියෙන් බේරීමට ඔවුන් මෙම වාහන ලියාපදිංචි නොකර තමන්ට ඇති දේශපාලන බලය පාවිච්චි කර ලග තබාගැනීම සිදුකර තිබෙන්නේ.
අදට මෙම කාර් රථය තිබෙන්නේ ඇමරිකාවෙන් වාහන මෙරටට ගෙන්වන අලුත් වැඩියකොට වෙළදපොලට නිකුත්කරන සමාගමක් යටතේයි.
අදාල හිමිකරු ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් වන අතර ඔහුට තම ව්යායපර නිදහසේ කරගෙන යාමට මෙම කාර් රථය කප්පමක් ලෙස ලබාගත් එකක් බවද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම අදාල ව්යපාරිකයාගෙන් එවකට රට පාලනය කල රාජපක්ෂ පවුලට හමර් H2 වර්ගයේ ජීප් රථයක් ඔවුන් කප්පම් ලෙස ලබාගෙන තිබෙනවා.
ඔහු විසින් එම වාහනයට අදාල වටිනාකම ලක්ෂ 450ක් ඇතුලත් බිල්පතක් ලබාදුන් විට කෝපයට පත් රාජපක්ෂවරු කියා ඇත්තේ වාහන ව්‍යාපාරය කිරීමට අවශ්‍යනම් ඔවුන්ට එම දේවල් ලබා දිය යුතු බවටයි.
පසුව නොමිලේම ලබාගත් මෙම හමර් රථය පසු කලෙක රාජපක්ෂ පවුලේ පුතෙකු ලක්ෂ 450 ලගම සිටි වෛද්‍යවරයකුට අලෙවි කොට තිබෙනවා.