ඉකුත් වසරේ ජුලි මස සිට මේ දක්වා ගතවූ කාලය තුළදී දේශීය වෙළෙඳපළෙහි පවතින ප්‍රධාන පෙළේ අත්‍යවශ්‍ය ප්‍රතිජීවක බෙහෙත් වර්ග රැසක මිල ගණන් සියයට 200 සිට සියයට 300 ක් දක්වා වූ ප්‍රතිශතයකින් වැඩි වී ඇති බව රජයේ වෛද්‍යවරු පවසති.
අලුතින් බෙහෙත් වර්ග ලියාපදිංචි නොකිරීම හා ශ්‍රී ලංකාවේ රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයක අගය ඉහළ යැම මෙම තත්ත්වයට හේතු වී ඇති බව ඔවුහු කියා සිටිති.
මෙසේ අත්‍යවශ්‍ය බෙහෙත් වර්ගවල මිල ගණන් ඉහළ යැමෙන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනුයේ පුද්ගලික අංශයෙන් බෙහෙත් මිලදී ගැනීම සඳහා නිර්දේශ කෙරෙන රෝගීන් බව රජයේ රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
(ඒමන්ති මාරඹේ)