දිල්ලියේ ප්‍රධාන ඉදිකිරීම් තුනකින් ඉතිරි කර ගත් මුදලින් ජනතාවට නොමිලේ ඖෂධ සහ වෛද්‍ය පරීක්ෂණ ලබා දෙන බව දිල්ලි මහ ඇමතිවරයා නිවේදනය කරයි.
දිල්ලි නගරයේ ඉදි කැරුණු ගුවන් පාලම් තුනක්, අනුමත වූ වියදමට වඩා අඩුවෙන් නිම කර ඩොලර් කෝටි පහක් ඉතිරි කර ගත බවයි දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් කියා සිටියේ.
දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල්ගේ ට්වීට් පණිවිඩය.

මෙම ගුවන් පාලම තුන ඉදි කරනු ලැබ ඇත්තේ ඉන්දීය රජයේ ඉංජිනේරුවන් විසිනි.
දිල්ලි නුවර තම පාලනයේ ඇති රෝහල්වලින් ඖෂධ සහ වෛද්‍ය පරීක්ෂණ ජනතාවට නොමිලේ ලබා දීම සඳහා, එසේ ඉතිරි කර ගත් මුදල් සම්භාරය යොදවන බව ඔහු පවසයි.
මෙය ලබන මාසයේ පටන් ම ක්‍රියාත්මක කරන බවයි මහ ඇමතිවරයා පවසන්නේ. දිල්ලියේ මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් ඉන්දියාවේ දූෂණ විරෝධී පක්ෂයේ නායකයායි.