විරෝධාර රණවිරුවන් උපන් දේශය වෙනුවෙන් සිදුකළ මෙහෙවරට කෘතගුණ දක්වමින් රුපියල් මිලියන 15 කට අධික වියදමකින් අත්තිඩිය මිහිදු සෙත් මැදුරේ ඉදිකෙරණු පිහිණුම් තටාකය අද (19) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.
ජනාධිපතිතුමා මෙහිදී එහි නේවාසික රණවිරුවන්ගේ සුවදුක් විමසමින් ඔවුන් සමග සුහද කථා බහක නිරත විය.
රණවිරුවන් වෙනුවෙන් ඉඩම් හිමිකම් ඔප්පු සහ අර්ධ නිවාස හිමිකම් පත්‍ර ප්රදානය කිරීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ හමුදාපති, නාවික හමුදාපති ඇතුථ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.