2016 පෙබරවාරි 01 වැනිදා සිට නව දුරකථන සම්බන්ධතා ලබාගන්නා පාරිභෝගිකයන්ගේ ඇමතුම් ගාස්තුවල සංශෝධනයක් සිදුවන බවට වාර්තා පළවේ.
ඒ අනුව දේශීය ඇමතුම් සඳහා විනාඩියකට ගණන් බැලීමේදී විනාඩියකට රු.1.50ක්ද, දේශීය ඇමතුම් සඳහා තත්පරයට ගණන් බැලීමේදී විනාඩියකට රු.1.80ක්ද, MMS හා SMS සඳහා ශත 20 බැගින්ද ගාස්තු සංශෝධනය වනු ඇති අතර එම ගාස්තු එකම දුරකථන ජාලය තුළ මෙන්ම අදාළ දුරකථන ජාලයෙන් පිටතදීද එකම අගයක් අයවනු ඇති බවට සඳහන්ය.