අභාවප්ප්‍රාප්ත ඉඩම් අමාත්‍ය එම් කේ ඩි එස් ගුණවර්ධන හිටපු අමාත්‍යවරයාගෙන් හිස් වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා දේශපාලන ක්ෂේත්රයේ දැඩි තරඟයක් නිර්මාණය වී ඇති අතර බොහෝ වෙබ් අඩවි සහ මාධ්‍ය ආයතන තම හිතවතෙකු මේ සඳහා පත් කරගැනීම සදහා විවිධ පුවත් නිර්මාණය කරමින් පළ කරනවා.
මේ සඳහා තීරණය ගනු ලබන එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එජාප සභාපති මලික් සමරවික්‍රම යන මහත්වරුන් ලෝක ආර්ථික සමුළුව සඳහා සහභාගී වී ඇති බැවින් ඔවුන් යළි මෙරටට පැමිණි පසු මේ සඳහා එජාප ජේෂ්ඨයින් ගේ සාකච්ඡාවකින් පසු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක්ව සාකච්ඡා කොට තීරණයක් ගනු ලබනු ඇතැයි සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
එමෙන්ම ඒ සඳහා ප්‍රජාත්‍රන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ හිටපු රාජ්‍ය ඇමතිනි රෝසි සේනානායක මහත්මියගේ නම යෝජනා වී ඇතැයි ද සඳහන්.
කිසිසේත්ම සුදුසුකම් නොමැති තරුණ පුද්ගලයෙක් ඔහුට මෙම මන්ත්‍රීධූරය ලැබෙනවා යැයි පුවත් පළ කරන්න යැයි පැවසෙන කථාවක් ද මේ අතරට වාර්තා වෙනවා.
මේ අතර ඒකාබද්ධ විපක්ෂය නව පෙරමුණක් සඳහා යෑමට, නව පක්ෂයක් නිර්මාණය කොට එහි නායකත්වය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝථාභය රාජපක්ෂ ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා ප්‍රබල ප්රතිවාදීයෙකු පාර්ලිමේන්තුව තුළින් නිර්මාණය කරගැනීමට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගත යුතු බව දේශපාලන විශ්ලේෂකයන් සඳහන් කරන්නේ.