• Tue. Feb 7th, 2023

වකුගඩු ජාවාරම ගැන ඇහුවම නවීන් ද සොයිසා පිස්සු කෙලියි..! (Video)

naveen de soyza

වකුගඩු ජාවාරමක් ගැන ඉන්දියාවේ හින්දු පුවත්පත ඇතුළු එරට පුවත්පත් වලින් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් හය දෙනකුට එරෙහිව නඩු පවරා ඇතැයි කියන සිද්ධිය ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නවීන් ද සොයිසා අද කොළඹ මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමේදී උණුසුම් තත්ත්වයක් ඇති විය.
ඔහුගෙන් ප්‍රශ්න ඇසූවේ ටීඑන්එල් මාධ්‍යවේදියා පමණි.

එම ප්‍රශ්නවලට කෙළින් පිළිතුරු නුදුන් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේ චෝදනා ඇත්නම් ඉදිරිපත් කරන ලෙසයි. එවිට පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් සොයා ගත හැකි බවයි.
එම මාධ්‍යවේදියා වෛද්‍යවරයකුගේ නමක් කොළ කැබැල්ලක ලියා එම වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ නමුත් ඔහු ඊට පිළිතුරු දුන්නේ නැත.

ටීඑන්එල් මාධ්‍යවේදියා දිගින් දිගටම ප්‍රශ්න කරද්දී මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ මඩ නොගසන ලෙසයි.

එහෙත් ටීඑන්එල් මාධ්‍යවේදියා පැහැදිලිවම ඇසුවේ අර වෛද්‍යවරයා වෛද්‍ය සංගමයේ සාමාජිකයකු ද යන්නයි.
ඊට පිළිතුරක් නොලැබිණි.

https://www.facebook.com/apearata/videos/901431809964621/?video_source=pages_finch_main_video

මෙහි කළකිරීමකට ලක්වූ කරුණ නම් ටි එන් එල් මාධ්‍යවේදී සහෘදයා පුන පුනා අසන ලද පැනයට පිළිතුරු ලබා දෙනු වෙනුවට නවීන් ද සොයිසා මහ සද්දෙන් කෑ  මොර දෙන විට ඊට වචනෙකින් හෝ එරෙහි වීමට එහි සිටි අනෙක් මාධ්‍යවේදීන්ට නොහැකි වීමයි.

Monik2

 

“මෙකී ශ්‍රී ලාංකික මාෆියා දොස්තරලා වන්නේ නවලෝක රෝහලේ සේවය කරන දොස්තර මොනික්, දොස්තර මාධව සහ දොස්තරවරිය සධානා ද, හේමාස් රෝහලේ සේවය කරන දොස්තරවරිය චමිලා ද, ලන්කන් හොස්පිට්ල් රෝහලේ සේවය කරන දොස්තරවරිය නිරෝෂිනී සහ වෙස්ටර්න් හොස්පිටල් රෝහලේ සේවය කරන දොස්තරවරිය හබීබා සහීෆ් ආදීහු වෙති.

 

 


Monikමෙම ජාවාරමෙහි මහ මොළකරු හෙවත් දොස්තර ‘මොනික්’ නැමැත්තා කවරෙක්ද..?
 
සම්පූර්ණ නම: අඹේපිටිය ආරච්චිගේ දොන් මොනික් ටර්වින් සංජීව
 
අධ්‍යාපන සුදුසුකම්: එම්.බී.බී.එස්. -වසර 2000 දී ඉන්දියාවේ බැංගලෝර් යුනිවර්සිටියේ එම්.එස්.රාමයියා මෙඩිකල් කොලේජ් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන ඇත.
 
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි දිනය: 2003/10/20
 
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි ලියාපදිංචි අංකය: 18474
 
( මොහු සම්බන්ධ තවත් තොරතුරු ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් ඩොට් ඕආර්ජී රෙජිස්ටරියේ අංක 36 පෙළ යටතේ දැන ගත හැකිය )
 
ඉන්දියාවේ වෛද්‍ය සභාවේද මොහු ලියාපදිංචි වී ඇත
 
දැන් අප විසින් හෙළි කරන්නේ තවමත් නිසි පරිදි මහජනයාට අනාවරණය නොවූ මෙම ජාවාරමෙහි ඇති අති භයංකර පැතිකඩය.
 
ලංකාවේ මනුෂ්‍ය අවයව බද්ධ කිරීමට අදාළ නීති රීති ඇතුලත් පනතක් ඇති අතර එය ‘ටිෂූ ඇක්ට්’ ලෙස හැඳින්වේ. එයට අනුව ලංකාව තුළ සිදුකරන සෑම මනුෂ්‍ය අවයව බද්ධ කිරීමකටම පෙර ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂිත කමිටුවකට යොමුකර අනුමැතිය ලබාගත යුතුය. ඉහත සඳහන් ජාවාරම්කරු විසින් සංවිධානය කරන ලද වකුගඩු බද්ධ කිරීම් කොළඹ පිහිටි සියළුම ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් (ලංකා, ආසිරි, නවලෝක, හේමාස් හා ඩර්ඩන්ස් ඇතුළු තවත් බොහොමයක්) හි සිදුකර ඇති අතර ඒ ඒ ශල්‍යකර්ම සඳහා වෙන් වෙන් වශයෙන් අනුමැතිය දෙන ලද ලිපියක් බැගින් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කර ඇත. එම ලිපි වලට අත්සන් තබා ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් දොස්තර පාලිත මහීපාල විසිනි.
 
මෙම ජාවාරමෙහි මහ මොළකරු වන දොස්තර මොනික් යනු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති දොස්තර අනුරුද්ධ පාදෙනියගේ සමීපතම පෞද්ගලික ලේකම් වශයෙන් නිල නොවන මට්ටමින් ක්‍රියා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රබල සාමාජිකයෙකි. දොස්තර පාදෙනිය සමගම නිරතුරුව ගමන් බිමන්වල යෙදෙන්නෙකි. විටෙක දොස්තර පාදෙනියගේ රියදුරු වශයෙන්ද ක්‍රියාකරයි.
 
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා විවිධ ව්‍යපාරිකයන් අතර හවුල් ව්‍යාපර සම්බන්ධීකරණය කරනුයේ දොස්තර මොනික් විසිනි.
 
හිතවත් වෛද්‍යවරුන්ට ජංගම දුරකථන, පරිගණක, සුපිරි වාහන ආදිය අඩු මිලකට ගෙන්වාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයා වශයෙන් මැදිහත්වන්නේ මොහුය.
 
වෙනෙකක් තබා දොස්තර අනුරුද්ධ පාදෙනියගේ ‘ෆෝර්ඩ් එවරස්ට්’ වර්ගයේ සුපිරි ජිප් රථය ආනයනය කර දෙනු ලැබුවේද මොහුගේ මැදිහත් වීමෙනි. කොටින්ම කියන්නේ නම් දොස්තර පාදෙනිය දැනට භාවිතාකරන මොබිටෙල් ජංගම දුරකථන සම්බන්ධතාවය ලබාගෙන ඇත්තේද දොස්තර මොනික්ගේ නමටය.
 
2012 වසරේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන්ට අඩුමිලට ලැප්ටොප් පරිගණක ලබාගැනීම සඳහා අබාන්ස් ආයතය සමග අත්සන් කළ ගිවිසුමේ මැදිහත්කරුවා වූයේද දොස්තර මොනික්ය.
 
දොස්තර පාදෙනිය 2012 වසර අගදී ඇමරිකාවේ මාස දෙකක සුපිරි සංචාරයට පිටත්වන්නට පෙර මුදල් අමාත්‍යංශ ලේකම් ඇතුළු රජයේ ලොකුම මෝරුන් වෙනුවෙන් කොළඹ සුපිරි හෝටලයක සුපිරි සාදයක් සූදානම් කළේද මොහුය.
 
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පසුගිය නිලවරණ තුනකදී දොස්තර පාදෙනිය වෙනුවෙන් අත දිගහැර මුදල් වියදම් කරමින් පත්‍රිකා පෝස්ටර් මුද්‍රණය කිරීම හා රැස්වීම් වලට ආහාර පාන, විස්කි බ්‍රැන්ඩි ආදිය සැපයීම සිදුකළේද මොහු හා දොස්තර ප්‍රියන්ත බණ්ඩාර (අප විසින් මොහුගේ ජාවාරම් ඉතිහාසය මීට පෙර ලිපියකින් හෙලිකර ඇත) විසිනි.
 
මීට අමතරව දොස්තර පාදෙනියගේ විදේශ සංචාර ගණනාවකට මොහු අනුග්‍රහය දක්වා ඇත.
 
අප වෙත ලැබී ඇති තොරතුරු අනුව මෙම සියළු වියදම් සඳහා දොස්තර මොනික් මුදල් උපයාගෙන ඇත්තේ ඉන්දියාවේ අසරණ වකුගඩු රෝගීන්ගෙන් චංචා කිරීමෙනි. මෙම මහා පරිමාණ මනුෂ්‍ය අවයව ජාවාරමට වෘත්තීය සමිතියක් වශයෙන් ආවරණය සපයා ඇත්තේ දොස්තර පාදෙනියයි. ඒ සඳහා ඔහුටද ගතමනාවක් ලැඛෙන්නට ඇත. රජරට ප්‍රදේශයේ වකුගඩු රෝගීන්ගේ ප්‍රශ්න වෙනුවෙන් ජනමාධ්‍ය ඉදිරියේ කිඹුල් කඳුළු හලන දොස්තර පාදෙනිය අසරණ වකුගඩු රෝගීන්ගෙන් වංචාකරගත් මුදලින් පිටරට සුපිරි සවාරි වල නිරතවීම ඓතිහාසිකය. වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියක් මහා පරිමාණයෙන් මනුෂ්‍ය අවයව ජාවාරමකට සම්බන්ධ බවට ලෝකයේ පළමුවතාවට ශ්‍රී ලංකාවෙන්ම වාර්තා වීම ලංකාවට කොයිතරම් අභිමානයක්ද?
 
ඉන්දියාවේ පොලිසිය විසින් මෙම ජාවාරමේ තොරතුරු බොහෝ දුරට අනාවරණය කර තිබියදී ලංකාවේ පොලිසිය තවමත් මේ පිළිබඳ පරීක්ෂණයක් හෝ නොපවත්වා මෙයට ලංකාවේ කිසිවකු සම්බන්ධ නැති බවට ප්‍රකාශ කිරීම හාස්‍යජනකය. ලංකාවේ බලධාරීන් විසින් මෙය වසන් කරන්නට උත්සාහ කළද ඉන්දියාව විසින් මෙම තොරතුරු බොහොමයක් හෙළි කරගෙන අවසානය.
 
මේ ජාවාරමේ සුලමුල සොයාගැනීමට ශ්‍රී ලංකා රජයට සැබෑ උවමනාවක් ඇත්නම් වහාම ක්‍රියාත්මකවන පරිදි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේත් දොස්තර අනුරුද්ධ පාදෙනියගේත් දොස්තර මොනික් අඹේපිටියගේත් සියලු දේශීය හා විදේශීය බැංකු ගිණුම් තහනම්කර පූර්ණ පරීක්ෂණයක් කළ යුතුය. මොවුන්ගේ සියළු වත්කම් බැරකම් විගණනයකට ලක් කළ යුතුය. සාපරාධී මනුෂ්‍ය අවයව ජාවාරම්කරුවන් වන මොවුන් දෙදෙනා වහාම පොලිස් අත්අඩංගුවට ගතයුතුය. මොවුන්ගෙන් ප්‍රශ්නකර මෙම ජාවාරමට සෞඛ්‍ය අමාත්‍යංශයේ දොස්තර පාලිත මහීපාල ඇතුළු අනෙකුත් ඉහල නිලධාරීන් හා දේශපාලන රැකවරණ සපයන්නන්ගේ ඇති සම්බන්ධතා මහජනතාවට හෙළි කරගත යුතුය.
 
මෙම ජාවාරමේ චූදිතයකු වන දොස්තර පාලිත මහීපාල විසින්ම මෙම ජාවාරම ගැන සෙවීමට කමිටු පත්කිරීම යුගයේ ලොකුම විහිළුවය.
 
මෙම සාපරාධී මනුෂ්‍ය අවයව ජාවාරමෙන් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ජාත්‍යන්තර වශයෙන් ඇති වූ කළු පැල්ලම ජවාරම්කරුවන් වසන් කිරීමෙන් මකාදැමිය නොහැකි බව අපි නැවතත් අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *