• Thu. Feb 2nd, 2023

සමාව ගත් පුතයි අම්මයි, තාත්තයි ජනපතිට පිං දෙති.

shiwaraja jenwan

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍යවරයකුව සිටියදී එල්.ටි.ටි.ඊ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමට තැත් කළැයි සිර දඬුවම් ලැබ සිටියදී ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ ශිවරාජා ජෙනීවන් අද තම මව සහ පියා සමඟ පුදුකුඩිරුප්පුවට පැමිණ ජනපති හමුවූහ.
තම දරුවාට සමාව ලබාදීම සම්බන්ධයෙන් සිවරාජාගේ මව සහ පියා ජනාධිපතිවරයාට සිය කෘතඥතාව පළ කළේ දෙනෝදාහක් දෙනාගේ ඇස් වල කඳුලු පුරවමින්.

මේ අතර උතුරේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා රැසක් උදා කර දෙමින් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ඉදි කෙරුණු හයිඩ්‍රාමනී නව ඇගලුම් කර්මාන්ත ශාලාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (24) පෙරවරුවේ විවෘත කෙරුනා. එහිදී ජනාධිපතිවරයා අදහස් දක්වම්න්,3

“අද අපි ජීවත් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක. හැම කෙනකුටම නිදහසේ කතා කරන්න පුළුවන්. සෑම කෙනකුටම නිදහසේ ලියන්න පුළුවන්. නිදහසේ ගමන් බිමන් යන්න පුළුවන්. රටේ සාමය ඇති කරන්න ත්‍රිවිද හමුදාව හා පොලිසිය ලොකු කැප කිරීමක් කළා. ආරක්ෂ අංශ කළ කැපවීම අමතක කරන්න බැහැ.යුද්ධය පැවති කාලයේදී මේ ප්‍රදේශයේ ලොකු භීෂණයක් තිබුණා. ඔබ සෑම කෙනකුටම යුද්ධයේ ඉතා කටුක අත්දැකීම් තිබෙනවා. යුද්ධය ගැන ඉතා කටුක අත්දැකීම් මටත් තිබෙනවා. මේ රටේ ජීවත්වන සෑම අයකුටම යුද්ධයේ කටුක අත්දැකීම් තිබෙනවා. යුද්ධය කියන්නේ කිසි කෙනකුට ගුණ දෙයක් නොවෙයි. ගිය මාසයේ මා පාප්වහන්සේ හමු වූ විට උන්වහන්සේ මගෙන් ඇහුවා ලෝකයේ තිබෙන යුද්ධය පිළිබඳ ඔබේ අදහස කුමක්ද කියා. මම ඒ අවස්ථාවේ ප්‍රකාශ කළා යුද්ධය ඛේදවාචකයක් බව හා එය මිනිසුන්ට අවශ්‍ය නොවන බව. ඒ අවස්ථාවේ පාප් වහන්සේ මගෙන් විමසා සිටියේ ලෝකයේ තිබෙන යුද්ධය කෙසේද අවසන් කරන්නේ කියා. පාප්වහන්සේ ඇසූ ප්‍රශ්නයට මම පිළිතුරු ලබා දෙද්දි උන්වහන්සේ සිනාමුසු මුහුණින් මා දෙස බලා සිටියා. පාප් වහන්සේ එම අවස්ථාවේ ස`දහන් කළේ යුද්ධය ඇති වීමේදී යුද්ධය කරන මිනිසුන් නොවේ වැරදි කාරයෝ කියා. ලෝකයේ යුද්ධකරන සෑම කෙනෙක් ළඟම අතේ ආයුධ තිබෙන බව දන්නවාද කියා මගෙන් අහුවා. නමුත් ආයුධ භාවිතා කරන කිසි අයකු ආයුධ හදන්නේ නැහැ නේද කියා ඔහු මගෙන් විමසා සිටියා. ආයුධයක් අතට අරන් කෙනකුගේ ජීවිතය විනාශ කරන කෙනා හටත් ඒ අයුධය තිඛෙන පුද්ගලයාටත් එම ඉරණමම අත්වෙනවා නේද කියා ඔහු මගෙන් විමසා සිටියා. ඒ අනුව උන්නාන්සේ පවසා සිටියේ ආයුද අතට අරන් යුද්ධ කරන මිනිස්සු නොවෙයි වැරදිකාරයන් වන්නේ, ඒ අයුධ නිශ්පාදනය කරන නිශ්පාදකයිනුයි වැරදි කාරයන් වන්නේ කියා. ඒ වගේම උන්නාන්සේ පවසා සිටියේ ලෝකයේ ආයුධ සදන්නේ කවුද කියා දන්නවා නේද කියා. එම නිසා ආයුධ තුවක්කු වෙඩිඋණ්ඩ කියන දේවල් මේ සමාජයේ මිනිසුන්ට අයිති දේවල් නොවේ. ඒ නිසා සෑම කෙනෙක්ම ආගමික න්‍යායන්, දර්ශනයන් තුල ජීවත්වීම ඉතා වැදගත්.

යහපත් සමාජයක් ගොඩනගා ගත හැකි වන්නේ අධ්‍යත්මික වශයෙන් මිනිසුන්ගේ සිත් දියුණු කිරීම තුළින් තමයි.කිහිප දෙනකු මට කිව්වා කාලයේ අතුරුදන් වූ තරුණ තරුණියන් හොයලාදෙන්න කියා.උතුරේ දරුවන්ට මම විශේෂ පණිවිඩයක් කියන්න තිබෙනවා. උතුරු ප්‍රදේශය තුළ ලංකාවේ අනෙක් ප්‍රදේශයන්ට වඩා මත්ද්‍රව්‍ය විශාල වශයෙන් ව්‍යාප්ත වෙන බවක් පේනවා. මත්ද්‍රව්‍ය කියන්නේ ආයුධවලට වඩා දරුණු දෙයක්.අප සෑම කෙනෙකුගේම ජිවිත මත්ද්‍රව්‍ය වලින් විනාශ කරනවා. ඒ නිසා මත්ද්‍රව්‍ය භාවිතය අත්හරින්න කියා මම හැම කෙනෙකුගෙන්ම ඉල්ලීමක් කරනවා . ප්‍රශ්නවලට විසදුම මත්ද්‍රව්‍ය නොවෙයි.

1 2පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, විදේශ සේවා නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා , උතුරුපළාත් ආණ්ඩුකාර එච්.එම්.ජි.එස් පලිහක්කාර ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *