• Fri. Feb 3rd, 2023

පොලිස්‌පති පුටුවට සිව් කොන් සටනක්‌..!

sri lankla police

පොලිස්‌පති ධුරය සඳහා පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් සිව්දෙනා අතර සීතල යුද්ධයක්‌ හටගෙන ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

වර්තමාන පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා ලබන අප්‍රේල් මස 12 වැනිදා සිය ධුරයෙන් විශ්‍රාම යැමෙන් පසු පොලිස්‌ දෙපාර්තමේන්තුවේ මීළඟට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් සිව් දෙනාගෙන් එක්‌ නිලධාරියකු ඒ සඳහා පත් කිරීමට නියමිතය.

පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාට පසු පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන්නේ පොලිස්‌ පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතාය.

වසරක සේවා දීර්ඝ කිරීමක්‌ ලබාගෙන සිටින නවරත්න මහතා විශ්‍රාම යැමට නියමිතව ඇත්තේ ලබන ජුලි මාසයේදීය.

පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් තුන්වැනි ස්‌ථානයේ පසුවන්නේ ජනාධිපති ආරක්‍ෂක අංශය භාරව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එස්‌. එම්. වික්‍රමසිංහ මහතාය.

ජ්‍යෙෂ්ඨත්වයෙන් සිව්වැනි ස්‌ථානයේ පසුවන්නේ බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාය.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සී. ඩී. වික්‍රමරත්න මහතාද පොලිස්‌පති ධුරය සඳහා සුදුසුකම් ලබා සිටින ජ්‍යෙෂ්ඨත්වයෙන් පස්‌වැනි ස්‌ථානයේ සිටින නිලධාරියාය.

කෙසේ වෙතත් ජාතික පොලිස්‌ කොමිසමේ ව්‍යවස්‌ථාදායක සභාවේ සහ ජනාධිපතිවරයාගේ අනුමැතිය මත මීළඟ පොලිස්‌පතිවරයා පත්කෙරෙනු ඇතැයි පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *