• Thu. Feb 2nd, 2023

බෝට්‌ටුවෙන් ඕස්ට්‍රේලියා ගිය ලාංකික 1200ක්‌ මුහුදේ ගිලිලා

boat from australia

නීති විරෝධීව බෝට්‌ටු මගින් ඔස්‌ටේ්‍රලියාවට පැමිණීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් 1200 ක්‌ මුහුදේ ගිලී මියගොස්‌ ඇතැයි දකුණු ඉන්දියාවේ ඔස්‌ටේ්‍රලියානු කොන්සල් ජනරාල් සීන් කෙලි විසින් හෙළිකර ඇත. 2008 සහ 2013 අතර සමයේ මෙම ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් බෝට්‌ටු මගින් ඔස්‌ටේ්‍රලියාව වෙත යාත්‍රා කර තිබේ.

තමිල්නාඩු වෙරළේ සිට ඔස්‌ටේ්‍රලියාවට සැතපුම් 3000 ක්‌ ඇති බව පැවසූ කොන්සල්වරයා එම දුර ප්‍රමාණය බෝට්‌ටුවලින් යැම අනතුරුදායක බවද කියා සිටියේය.

ඔස්‌ටේ්‍රලියානු රජය විසින් දියත් කර ඇති මෙහෙයුම් යටතේ ඔස්‌ටේ්‍රලියාවට ඇතුළු වීමට උත්සාහ කරන පිරිස ආපසු හරවා යෑවීමට පියවර ගෙන ඇති බවත් ද්‍රවිඩ අනාථයන් ශ්‍රී ලංකාවට එවා ඇති බවත් ඔහු කීවේය.

කීර්ති වර්ණකුලසූරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *