• Tue. Feb 7th, 2023

සිවුරත් රටේ නීතියට යටයි – නීතිඥ එකමුතුව

galabobaaththe gnasara

සිවුරක් දාගත් පළියට නීතියේ නීතියේ ආධිපත්‍යයට බලපෑම් කිරීම් කළ නොහැකි දෙයක් බවත් එලෙස කටයුතු කරන භික්ෂූන් වහන්සේලාට කිසිසේත ඉඩ නොදීමට නීතිපිති හා පොලිස්පතිවරයා උපරිම ආකාරයෙන් කටයුතු කළ යුතු බව නීතිඥ එකමුතුවේ සම්බන්ධීකාරක ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා කීය.

දේශපාලන වේදිකාවක හෝ පාරේ කරනා ප‍්‍රකාශ ආකාරයේ යමෙකු අධිකරණයේ හැසිරෙන්නේ නම් එය අධිකරණයට කරන අපහාසයක් බවද මෙවැනි අයට එරෙහිව උපරිම ආකාරයෙන් කටයුතු නොකළහොත් දේශපාලන අවතාර පවතින නඩුවලට මැදිහත් වීමක් අනාගතයේදී සිදුවනු ඇතැයි ද වැලිඅමුණ මහතා කියා සිටියේය.

ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැති නඩු විභාගයක් අතරතුරදී අශෝභන ආකාරයෙන් හැසිරීම හෙළා දකිමින් නීතිඥ එකමුතුව කොළඹ අලූත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට අද (26) මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් දැක්වීය.



“හෝමාගම අධිකරණය ඇතුළත පෙරේදා පැවැති නඩු විභාගයකට සහභාගී වූ ඥානසාර හිමි නඩු කටයුතුවලට බාධා වන ආකාරයෙන් කටයුතු කර ඇති අතර එය අධිකරණයට කළ අපහාසයක් ලෙස අපි සලකනවා. එලෙස නඩු කටයුතුවලට බාධා කිරීම ගැන නීතිඥ එකමුතුව දැඩි විරෝධය පළ කරනවා. එය සමාජයට අහිතකර පණිවිඩයක් සහා නීතියට කරන අපහාහසයක්”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *