යාපනයේ සිට එළවළු විශාල වශයෙන් ලැබීම ආරම්භ වීම හේතුවෙන් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් පහත වැටී ඇතැයි වාර්තා වෙනවා.
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ බීට්, මාළුමිරිස්, අමුමිරිස් අල, ලූණු, ලූණු කොළ, ලූණු මල්, මඤ්ඤොක්කා, කැරට්, ගෝවා, රතුලූණු ආදී එළවළුවල මිල ගණන් පහත වැටී තිබෙන අතර නොබෝ දිනකින් කොළඹ ඇතුළු තදාසන්න ප්රදේශවලටද එම අඩු මිල පහසුකම අත්විඳින්නට හැකිවනු ඇත.
මේ අනුව 50%ක පමණ මිල ගණන්වල අඩුවක් බලාපොරොත්තුවේ.
පසුගිය කාලයේ එළවළු මිල අධික වීමෙන් පාරිභෝගිකයින් මහත් අපහසුතාවයට පත්විය.
