• Tue. Feb 7th, 2023

ප්‍රගීත් ගැන තවත් හෝඩුවාවක් හමුදා කර්නල්ගේ ෆෝන් එකෙන් හෙළිවෙයි..!

prageeth eknaligoda

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරණු ලබන පරීක්ෂණවලින් අනාවරණය කරගත් කරුණු අනුව මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතා පැහැරගෙන ගොස්‌ අක්‌කරේපත්තුව කැලෑ ප්‍රදේශයකදී හෝ මහ මුහුදේදී එක්‌නැලිගොඩ ඝාතනය කරන්නට ඇති බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සැක පහළ කරන අතර ඔහු මරා දැමූ ස්‌ථානය නිවැරැදිව හඳුනාගැනීමට මේ වනවිට පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර ඇතැයි පැවසේ.

කෙසේ වෙතත් ප්‍රගීත් එක්‌නැලිගොඩ ගිරිතලේ හමුදා කඳවුරේ සිට දැස්‌ බැඳ රැගෙන ගොස්‌ අක්‌කරේපත්තුව ප්‍රදේශයේදී ඝාතනය කළ බවට වැදගත් සාක්‍ෂි කීපයක්‌ මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයාගෙන ඇතැයිද පැවසේ.

ගිරිතලේ කඳවුරේ සිට එක්‌නැලිගොඩ අවසන් වරට රැගෙන ගිය හමුදා කණ්‌ඩායම භාරව සිටි කර්නල්වරයාගේ ජංගම දුරකථනය මෙම සිද්ධියෙන් පැය කීපයකට පසු අක්‌කරේපත්තුව ප්‍රදේශයේදී ක්‍රියාත්මක වූ බවට සාක්‍ෂි මේ වනවිට ලැබී ඇතැයිද වාර්තා වේ.

මෙම කර්නල්වරයා එක්‌නැලිගොඩ ඝාතනයට සම්බන්ධ අනෙක්‌ පාර්ශ්වයන් සමඟ අක්‌කරේපත්තුවේ සිට දුරකථන සංවාද පවත්වා ඇති බවද හෙළි වී තිබෙන බවද පැවසේ.

ප්‍රගීත් එක්‌නැලිගොඩ පැහැරගෙන ගොස්‌ ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට යුද හමුදා කර්නල්වරුන් දෙදෙනකු ඇතුළු හයදෙනෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටිති.

 

(lankatruth)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *