නිවැරදි කරුවන් නිවැරදි කිරීමත් වැරදි කරුවන්ට දඩුවම් දීමත් ආණ්ඩුවක වගකීම බවත් කිහිප දෙනෙකු කළ වැරදිවලට සමස්ත හමුදාවම වන්දි ගෙවිය යුතු නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කෙළේය.
නිවැරදිකරුවන් වැරදි කරුවන් කිරීමට ආණ්ඩුව කිසි විටකත් ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා කීවේය.
කරුණු පහක් සම්බන්ධයෙන් හමුදාවට එරෙහිව ජාත්‍යන්තර චෝදනා එල්ල වී ඇති බව කී ජනාධිපතිවරයා ඒ පිළිබඳ විනිවිද පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පැහැදිලි කෙළේය.
ජනාධිපතිවරයා එසේ සඳහන් කෙළේ ඊයේ(26) මහවැලි කේන්ද්‍රයේදී පැවැති ශ්‍රීලංකා නිදහස් පක්ෂ විධායක සභාවට එක්වෙමිනි.
පුරා හෝරා දෙකක් පැවැති මේ හමුවට විවාදාත්මක ස්පරූපයක් ඉසිලීය.
ශ්‍රීලංකාවට හෝ ශ්‍රීලංකා හමුදාවට අගෞරවයක් ඇතිවීමට ඉඩ දිය යුතු නැතැයි කී ජනාධිපතිවරයා එහෙයින් ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පවත්වීමට ආණ්ඩුව තීන්දු කර තිබෙන බව කීවේය.
හමුදා පුහුණූ සම්බන්ධයෙන් ජාත්‍යන්තර හමුවකදී ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා තමාගෙන් විමසා සිටි බවද එහෙයින් අපේ හමුදාව පිළිබඳ ජාත්‍යන්තරයේ කීර්තියක් ඇති කළ යුතු බවද අනාවරණය කළේය.
එක්තරා කණ්ඩායමක් ශ්‍රීලංකා නිදහස් පක්ෂය කැඩීමට උත්සාහ ගන්නා බවත් පක්ෂය කඩා දැමුව හොත් විසි වසරක් විපක්ෂයේ සිටීමට සිදු වෙන බවත් ලලිත් දිසානායක මහතා කීවේය.
පක්ෂය කැඩුණු සැම විටම අත්වූයේ පරාජයන් බවද එස්.බී දිසානාය, බන්දු ගුණවර්ධන ඇතුළු පිරිසක් පක්ෂය හැර යෑමෙන් පක්ෂයට පරාජය අත්වූ බව පැහැදිලි කළේය.
පොදු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම හමුවට රැගෙන යන බවත් එහෙත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට එම කොමිසමෙන් පරීක්ෂණ සිදු නොකෙරෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කීය.
පොදු විපක්ෂයේ නායක ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාට දීම පිළීබඳ විරුද්ධ බවද ගුණවර්ධන මහතා පැවසීය.
මන්ත්‍රීවරු දහයේ පහළවේ කණ්ඩායම් ලෙස බෙදා පක්ෂය ඉදිරි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු බව හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.