• Thu. Feb 2nd, 2023

හෝමාගම උසාවිය ළඟ යකා නැටූ අයට වැඩ වරදියි..!

homagama curt

බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ අඟහරුවාදා (26) හෝමාගම මහේස්ත්‍රාත් උසාවිය ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරුණු පිරිස් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝමාගම පොලිසිය සැරසෙයි.‍
අධිකරණයට අපහාස කිරීම, රජයේ නිළධාරීන්ට තර්ජනය කිරීම, රජයේ දේපළවලට හානි කිරීම, අයුතු ජන රාශිය, පොලිස් නිළධාරීන්ට පහර දීම, අධිකරණයේ නඩු භාණ්ඩ රැගෙන යාම ඇතුළු චෝදනා එකොළහක් පමණ මෙම පිරිසට ඇති බවත් එම කළහකාරීන් කවුරුන්ද යන වල වීඩියෝ දර්ශන සහ ඡායාරූප ඇසුරෙන් සෙවීම මේ වන විට ආරම්භ කර ඇති බවත් හෝමාගම පොලිසියේ උසස් නිළධාරියෙක් පැවසීය
ඔවුන්ගේ විස්තර සොයා බලා අධිකරණයට වාර්තා කරන බවද එම ප‍්‍රකාශකයා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *