• Thu. Feb 2nd, 2023

වෙරිවෙන්න බීලා පැනලා දිව්ව පොලිස් අයියා වලේ වැටිලා මාට්ටු..! (Video)

drunk police man

ගමේ කොල්ලෝ දෙවනි පාරත් අල්ලන් ඇවිත් පොලිසියටම භාර දීලා

ලංකාවේ පොලිසියට මේ එච්චර හොඳ කාලයක් නෙවෙයි. කොටදෙණියාව, ඇඹිලිපිටිය සිද්ධිවලදි මේ ගැන වැඩිපුරම කතාවුණේ පොලිසිය කරපු සමහර වැඩ කවුරුත් අනුමත කළේ නැති නිසා. ඒ විදියට පොලිසියේ නම සවුත්තු කරපු තවත් පොලිස් නිලධාරියෙක් ගැන වීඩියෝ එකක් අපිට හම්බවුණා.

මේකේ ඉන්න පොලිස් නිලධාරියා හොඳටම මත්පැන් පානය කරලා බයික් එකේ ගිහින් තියෙනවා. වෙරි වැඩි නිසාමදෝ පාර අයිනේ හිටපු කාන්තාවකුත් මෙයා හප්පගෙන තමයි ගිහින් තියෙන්නේ. හැබැයි හැප්පුණාට පස්සේ බයික් එක නතර කරලා නෑ. කුරුල්ලෙක් වගේ කඩාගෙන ගිහින්. මේක දැකපු ගමේ කොල්ලෝ ටික බයික් එක පස්සේ පන්නන් ගිහින් පොලිස් නිලධාරියාව අල්ලගෙන. එතකොට තමයි තේරිලා තියෙන්නේ මෙයාට කෙලින් ඉන්නවත් බැරි විදියට බීලා කියලා.

 

https://www.facebook.com/apearata/videos/vb.358202204287587/904226859685116/?type=2&theater

 

කොහොම වුනත් මනුස්සයෙක්නේ කියලා ගමේ උදවිය ගෙයක් ළඟට එක්ක ගිහින් මෙයාට ඉඳගන්න පුටුවකුත් දීලා. ඒ මේ බීමත් පොලිස් නිලධාරියා ගැන තව පොලිසියකට විස්තරත් දැනුවත් කරලා. ඔවුන් ඇවිත් මෙයා එක්ක යනකම් කියලා තමයි මෙහෙම නතර කරගෙන ඉඳලා තියෙන්නේ.

කොහොමහරි වැඬේ අවුල් වුණා කියලා දැනගත්ත මේ පොලිස් නිලධාරියා කරලා තියෙන්නේ ගමේ කට්ටියගේ ඇස් වහලා තේ වත්තකින් පැනලා දුවපු එක. මේක දැක්ක ගමේ කොල්ලෝ ටික ආයෙත් පන්නන් ගිහින් පොලිස් නිලධාරියාව අල්ලගෙන තියෙන්නේ පාර දන්නේ නැතුව දුවලා වලකට වැටිලා ඉන්නකොට කියලා තමයි අපිට ආරංචි වුණේ.

කොහොමහරි ආයෙත් මෙයාව අල්ලගෙන පාරට එක්ක ඇවිත් මතුගම පොලිසියට භාරදෙන්න ප‍්‍රදේශවාසීන් කටයුතු කරලා තියෙනවා. හැබැයි සිවිල් ඇඳුමින් ආව දෙන්නෙකුත් ඊට කළින් මෙයාව අරන් යන්න හදලා. ගම්මු ඒකට විරුද්ධවෙලා. කොහොම හරි වෙරිමතෙන් නිල ඇඳුමත් ගලවගෙන හිටපු මේ පොලිස් නිලධාරියා එක්ක යන්නේ බයික් එකකින්.

හැබැයි බයික් එකේ යන්නේ හෙල්මට් එකක්වත් දාන්නේ නැතුව කියලා වීඩියෝ එක බලපුවාම ඔබට තේරෙයි. ඔහුගේ හෙල්මට් එක කෙසෙල් පඳුරක් ලඟ වැටිලා තිබිලා පස්සේ හම්බවෙලා. ඒ වගේම කකුලේ තිබ්බ සපත්තුවකුත් තේ වත්තේ මෙයා දාලා ගිහින්.

නීතිය ගැන බලාගන්න ඉන්න අය මේ වගේ වැඩ කරනකොට සාමාන්‍ය මිනිස්සු ගැන තව මොන කතාද කියලා තමයි හැමෝම කියන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *