• Sun. Jan 29th, 2023

Facebook ආදායම දෙගුණ වෙයි..!

facebook

පසුගිය වසරේ අවසන් කාර්තුවේ Facebook සමාජ වෙබ් අඩවියේ ආදායම දෙගුණ වී තිබේ.

Facebook වෙබ් අඩවිය පවසන්නේ, වසරේ තුන්වන කාර්තුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 701 ක් ව පැවති ආදායම අවසන් කාර්තුවේදී ඩොලර් බිලියන 1.56 ක් දක්වා වැඩි වී ඇති බව ය.

2015 Facebook වෙබ් අඩවියට විශිෂ්ට වසරක් වූ බව එහි ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් ප්‍රකාශ කළේ ය.

ඉකුත් වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා ක්‍රියාකාරීව Facebook සමාජ ජාලය භාවිත කළ පිරිස බිලියන 1.59 බව ද විදෙස් වාර්තාවල සඳහන් ය.

විදෙස් වාර්තා වැඩිදුරටත් පැවසුවේ, එම ප්‍රමාණය 2014 වර්ෂයේ අවසාන කාලයට සාපේක්ෂව එම ප්‍රමාණය 14% ක වැඩිවීමක් බව ය.

මේ අතර ජංගම දුරකථන ඔස්සේ Facebook භාවිත කරන්නන් සංඛ්‍යාව බිලියන 1.44 ක් බව ද වාර්තා වෙයි.

 

(news1st)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *