• Fri. Jan 27th, 2023

රාජපක්ෂට චෝදනා කරලා මේ ආණ්ඩුවත් ගජරාමේට ණය ගනියි.

credit sri lanka
2014 දෙසැම්බර් 31 වැනිදා තිබූ රුපියල් බිලියන 7393 ක්වූ ණය මුදල 2015 සැප්තැම්බර් 31 වන විට රුපියල් බිලියන 8266 ක් ලෙසින් සියයට 12 කින් වර්ධන වී තිබෙනවා යැයි හිටපු කෘෂි කර්ම අමාත්‍ය මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා අද (28) කොළඹදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී කීය.

“වත්මන් රජයේ අය විපක්ෂයේ ඉන්න කොට මහින්ද රාජපක්ෂ රජයට චෝදනා කළේ අති විශාල ණය ගැනීම් සිදු කරන බව කියමින්. මේකෙන් පෙන්නුම් කරන්නේ පැහැදිලිවම රටේ සංවර්ධනයක් පසුගිය වසර තුළ සිදුවී නොමැති බවයි. රැකියා උත්තාපදන වෙලා නැහැ. මේවට උත්තර දෙන්නල තවදුරටත් රටේ ජනතාවට බොරු කරන්න එපා කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. අපට මතකයි ඒ දවස්වල හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා කොටස් වෙළඳපොළ කඩා වැටීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වපු අයුරු. ඒත් දැන් මොනවද කාපු රිලව් වගේ එතුමන්ලටත් ඉන්න සිද්ද වෙලා. මේ ආණ්ඩුවේ වැඩකටයුතු වල කිසිම සැලැස්මක් නැහැ. කරන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. දන්නේ ජනතාවට බොරු කියන එක විතරයි “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *