• Sat. Jan 28th, 2023

සිදුවෙන්නට ගිය මහා අනතුරක් වැළකෙයි..!

train accident sri lanka

මාතර සිට කොළඹ බලා ධාවනය වන රජරට රැජිණ හා මහනුවර සිට මාතර බලා ධාවනය වන අංක 872 දුම්රිය ගිංතොට ධර්මපාල විද්‍යාලය අසලදී එකම පීල්ලේ මුහුණට මුහුණ ගමන් කරමින් තිබියදී අඩි 10ක පමණ පරතරයකින් නතර කර ගැනීමට රියදුරන් සමත් වී තිබේ.

එක් දුම්රියක් කලින් පැමිණෙනු දුටු ගේට්ටු මුරකරු ඈත තියාම කෑගසමින් රතු කොඩියක් වනමින් දුම්රිය රියදුරුට අනතුර අඟවා තිබේ.

දුම්රිය මගියකු මාධ්‍ය වෙත පවසා ඇත්තේ මහ අනතුරක් අනූ නවයෙන් බේරුණු බවයි.

අනූ නවයෙන් බේරුණ දුම්රිය අනතුරේ 04 කට වැඩ වරදියි.

ගිංතොට දුම්රිය ස්ථානය අසලදී සිදුවීමට ගිය විශාල අනතුරක් සම්බන්ධයෙන් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

නියමිත සංඥා නිසි අධ්‍යනයකින් තොරව මෙම එක් දුම්රියක් ධාවනය කර ඇති බව මේ වන විට අනාවරණය වූ බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී ආරියරත්න මහතා පැවසුවේ.මෙම වරදට දැනට හඳුනාගෙන ඇත්තේ නුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රිය බවත් සඳහන් කළා. ඒ අනුව අදාළ දුම්රියේ රියදුරු ,රියදුරු සහයක සහ තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ මෙලෙස වැඩ තහනම් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිලධාරීන් තුන් දෙනෙකුගෙන් යුත් පරීක්ෂණ කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර ඇති බවත් පැවසුවා. 

20160129_112659_resized 20160129_112607_resized 12644984_10153147052151525_5272278584802537845_n (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *