සිවුරු දරාගෙන බුද්ධ ශාසනයේ භික්ෂුව යැයි සමාජයට හඟවමින් ඇතැම් භික්ෂූන් වහන්සේලා ගෙන යන භූමිකාව වසර 2500ක් රැකගෙන එන ථේරවාදී සංඝ සමාජයට කැළලක් බවත්, වහා මෙවැන්නක් සංඝ සමාජයෙන් ඈත් කර විය යුතු බවත් පසුගියදා හෝමාගම උසාවී භූමියේදී සිදු වු සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දඹර අමිල හිමියෝ පවසති.
මෙම සිවුරු දරා ගත් අය නීතියේ ආධිපත්‍යයට, මුළු මහත් රාජ්‍ය සේවයට හා අගමැතිට, ජනාධිපතිට, හෑල්ලූ කරමින් කළ ආන්දෝලනය මුළු මහත් සමාජයම පිළිකුලෙන් හෙළා දැකිය යුතු බවද උන්වහන්සේ කියති.
