ජනාධිපතිගේ පුත් දහම් සිරිසේන මහතා ලංකාවට ගෙනෙන ලද නවතම වර්ගයේ සුපිරි BMW i8 රථයක් පිළිබඳව මේ වන විට සමාජ ජාල වෙබ් අඩවිවල දක්නට ලැබෙනවාඑහි වටිනාකම ලංකාවේ මුදලින් රුපියල් 21,496,25000 ක් බවත් එහි දැක්වෙනවාමෙම BMW i8 රථය ලංකාවට ආනයනය කළ තිඹිරිගස්යායේ සුනිල් මෝටර්ස් ආයතනයෙන් මේ පිළිබඳව අප විමසා සිටියා.
එම ආයතනය සඳහන් කර සිටියේ මෙම රථය තමන් විකිණීමට ආනයනය කළ බවත්, එය සර්විස් කිරීමට යැවූ ස්ථානයේ සිටි අයෙක් මෙම වාහානයේ ඡායාරූපයක් ගෙන ඔහු එය අන්තර්ජාලය මුදා හැර ඇති අතර එය භාවිතා කොට එය ජනාධිපති සිරිසේන පුත් දහම් සිරිසේන මහතාගේ බවට ප්‍රරචාරය කරන බවට තමන්ටද තොරතුරු වාර්තා වන බවයි. එහි කිසිඳු සත්‍යතාවයක් නොමැති බවටයි ඔහු ප්‍රකාශ කර සිටියේ.
https://www.facebook.com/video.php?v=873130812784438