පසුගිය රාජපක්ෂ පාලන සමයේදී අන්තවාදී සංවිධානයක ක්‍රියාකාරකම් සඳහා ආරක්ෂක අංශයකට අයත් රහස් ගිණුමකින් මුදල් ලබාදී ඇතැයි රාජ්‍ය රහස් ඔත්තු සේවා තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
වර්තමානයේ මතුවෙමින් තිබෙන අනතුරුදායී සහ උසිගැන්වීමේ ව්‍යාපාර පිළිබඳව රාජ්‍ය රහස් ඔත්තු සේවාවේ නිලධාරීන් හා ආණ්ඩුවේ බලධාරීන් අතර පැවති ඉහළ පෙළේ සාක්ච්ඡාවකදී මේ බව පෙන්වා දී ඇතැයි ආරක්ෂක අංශ භාර උසස් නිලධාරියෙකු මාධ්‍ය වෙත පවසා තිබේ.
එම ගිණුම් පිළිබඳ ප්‍රශ්න කිරීමට හෝ ගිණුම්ගත තොරතුරු සොයා බැලීමට හෝ තහනමක් පවතින බවද මාධ්‍ය වාර්තා කර තිබේ.
එම අන්තවාදී බලවේග විසින් පසුගිය 2014 වසරේදී බේරුවල ප්‍රදේශයේ දෙදෙනෙකු ඝාතනයට ලක් කරමින් සිදුකර තිබූ විනාශය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇති රහස් පොලීසිය ඒ පිළිබඳව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා එම පරීක්ෂණ පවත්වා ගැනීම සඳහා එම පරීක්ෂණ ගොනුව නීතිපතිවරයා වෙත යවා ඇති බවද එම නිලධාරියා සඳහන් කර ඇත.
එම අන්තවාදී සංවිධානය පසුබිමේ සිටින සංවිධානාත්මක පිරිස් පිළිබඳ මේ වනවිට රහස් ඔත්තු සේවා තොරතුරු හෙළිකරගෙන ඇතැයිද වාර්තා වේ.
මේ දිනවල ක්‍රියාත්මක එක් අන්තවාදී සංවිධායක් පසුගියදා පැවැත්වූ රථ පෙළපාලියක් සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිනී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මියගේ පැල්මඩුල්ලේ ඇති නිවසේ තේ පැන් සංග්‍රහයක් පවත්වා ඇතැයිද සතිඅන්ත පුවත්පත් මේ අතර වාර්තා කර තිබිණ.