පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි සමයේදී කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ජනාධිපති මාධ්‍ය අංශය තුළද , කාල්ටන් ස්පොර්ට් නෙට්වර්ක් (CSN) පෞද්ගලික සමාගමට අයත් කාර්යාලයක් පවත්වාගෙන ගොස් ඇති බවද අප කළ සොයා බැලීමකදී අනාවරණය වුණා.
ජනාධිපතිවරණය පරාජයෙන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලය තුල තිබූ බොහෝ දේ රැගෙන යාමට රාජපක්ෂවරු කටයුතු කොට තිබුණද මෙම කාර්යල කාමරයේ තිබු කිසිවක් හෝ රැගෙන ගොස් තිබුනේ නෑ. ඒ අමතක වීමෙන් සිදු වූවා විය හැකිය. මන්ද මෙම කාර්යාලය තුල CSN රූපවහිනිය විසින් පටිගත කරන ලද වැඩසටහන් කැසට් පට පන්සියයක වඩා සහ ආයතනයට අදාල වැදගත් ලියකියවිලි රැසක් මෙහි තිබූ හමුවී ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලය යනු රාජපක්ෂලාගේ බුක්තියට යටත්ව තිබු ඔවුන්ගේ පෞද්ගලික දේපලක් නොවේ. ඒ මෙරටේ මහජනතාවගෙන් අයකර ගන්න බදු මුදලින් නඩත්තු කළ රජයේ ආයතනයකි. රාජපක්ෂලාගේ බිස්නස් වැඩ වෙනුවෙන් මේ පොදු දෙපල යොදා ගැනීම බරපතල වරදක් බව පෙනෙන්නට තිබෙන කාරණාවකි.
මේ CSN ආයතනය ගොඩ නගන ලද්දේ රාජ්‍ය දෙපල හා ජාවාරම් මඟින් උපයන ලද කළු සල්ලි ආයොජනය කර බව මේ වන විට එම ආයතනය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් සිදු කරනු ලබන විමර්ශන වලදී අනාවරණය වී තිබේ.ඒ පිළිබඳව අප සවිස්තරාත්මකව වෙනත් ප්රවෘත්ත්යක්මඟින් හෙළිදරව් කොට ඇත.