• Thu. Feb 2nd, 2023

බල්ලන් බිරුවාට පන්නරය නැතිවෙන්නේ නෑ – මහින්ද කියයි

mahinda raapaka

යෝෂිත රාජපක්ෂගේ පියා වන පා.ම මහින්ද රාජපක්ෂ හිටපු ජනපති කඩුවෙළ අධිකරණ භූමියට ඇතුළු වූ පසු ඔහු වටකරගත් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියතෙම පුතා අත්අඩංගුවට ගැනීමට යතියි දැනගත් වහාම ඔහුගෙන් ඒ ගැන විමසූ බවයි.

එෆ්.සී.අයි.ඩී. ය තමන්ගෙන් ප්‍ර‍ශ්න කරන බවත් තාත්තා තාත්තාගේ වැඩක් බලාගන්න යැයි තමන්ට කී බවත් හිටපු ජනපති කීවේය.

පුතාලා, නෝනලා, සහෝදරයන් අත්අඩංගුවට ගෙන හිරේ දැමීමෙන් 1936 සිට ලැබූ පන්නරය නැති නොවන බවත් බල්ලන් බිරුවාට ඒ පන්නර නැතිකළ නොහැකි බවත් කීයේය.

මේ අතර ඊයේ සවස කඩුවෙල අධිකරණ භූමියේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ පැහැදිලි චෝදනාවන් ඉදිරිපත් නොකර අත්අඩංගුවටගත් තම පුතු ඇතුළු පිරිස සම්බන්ධයෙන් අධිකරණයෙන් සාධාරණයක් ඉටුවනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කඩුවෙල අධිකරණ භූමියේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ වැරදි සිදුකර ඇත්නම් දඞුවම් දිය යුතු වුව ද අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ අරමුණින් හඳුන්වාදී තිබු මූල්‍ය පනතක් සම්බන්ධයෙන් බවයි.

මේ අතර යහපාලනය වෙනුවට රට තුළ ක්‍රියාත්මක වන්නේ නීතියක් විනයක් නොමැති ඒකාධිපති පාලනයක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ යුද්ධය අවසන් කර සාමය දිනාදුන් නායකයාගේ දරුවන් අත්අඩංගුවට ගෙන පළිගැනීම් සිදුකිරීම මෙරට ජනතාව කිසිසේත් අනුමත නොකරන බවයි.

කඩුවෙල අධිකරණ භූමියේ දී ඊයේ පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *