ඉදිරියේදී ශ්‍රී‍්‍ර ලංකාවේ විභාග ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ තීරණ හා ක්‍රියාමාර්ග නව අධ්‍යාපන පනතට ඇතුළත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.
මේ පිළිබඳ පුළුල්ව කරුණු අධ්‍යයනය කර ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ සහ බුද්ධිමතුන්ගේ ද අදහස් සැලකිල්ලට ගනිමින් එය සිදුකිරීම අපේක්ෂාව බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.
පසුගිය කාලයේ ඇතැම් විභාගවලදී සිදුවූ දෝෂ හේතුවෙන් විභාගවල විශ්වසනීයත්වය බිඳවැටුණු අවස්ථා පැවතුණත් වත්මන් රජය යටතේ එවැනි තත්ත්වයක් මතු නොවීම සඳහා කටයුතු කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන බවද කාරියවසම් මහතා පවසා සිටියේය .
විභාග දෙපාර්තමේන්තුව සඳහා ඩිජිටල් සහ නවීන මුද්‍රණ ක්‍රම හඳුන්වාදිමට ද කටයුතු කරන බවයි ශ්‍රී‍්‍ර ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් (29) අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කර සිටියේය