හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනා මේ වනවිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටිනවා.
බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කළේ ඊයේ (30) රාතී‍්‍ර අටට පමණ දැඩි පොලිස් රැකවල් යටතේ බන්ධනාගාර බස් රථයකින් ඔවුන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ආ බවයි.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ සිට එම පිරිස කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ඒම සදහා විශේෂිත පුහුණුවලත් බන්ධනාගර නිලධාරීන් 6 දෙනෙකු ද යොදවා තිබුණා.
මේ වනවිට මෙම පිරිස රදවා සිටින්නේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ජේ වාට්ටුවේයි.
බන්ධනාගාරයට රැගෙන ආ මොහොතේ සිට යෝෂිත රාජපක්ෂ මහතා බන්ධනාගාර නිලධාරීන් සමග ඉතා සුහදව කතාබහ කරමින් කාලය ගත කර තිබෙනවා.
අද (31) අලුයම දක්වා වැඩි වේලාවක් ඔහු නිදිවර්ජිතව ගත කර ඇති බවයි බන්ධනාගාර ආරංචිමාර්ග අනාවරණ කළේ.
මේ වනවිටත් බන්ධනාගාරයෙන් පිටත පොලිස් ආරක්ෂාව දැඩි කර තිබෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ, සී එස් එන් නාලිකා ප්‍රධානී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට සහ සී එස් එන් ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංග යන මහත්වරුන් ඇතුළු පස් දෙනා ඊයේ (30) පස්වරුවේ අත්අඩංගුවට ගැණුනේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්.
රොහාන් වැලිවිට මහතා ඊයේ (30) පෙරවරුවේ ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගැණුනා.
යෝෂිත රාජපක්ෂ මහතාගෙන් නාවික හමුදා මූලස්ථානයේදී පැය කිහිපයක් ප්‍රශ්න කෙරුණු බවයි නාවික හමුදාව පැවසුවේ. ඊයේ (30) පස්වරු 04.20 ට පමණ ඔහුද අත්අඩංගුවට ගැනුණා. නිෂාන්ත රණතුංග මහතාගෙන් ප්‍රශ්න කෙරුණේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේදීයි.
සී.එස්.එන් නාලිකාවේ අධ්යක්ෂවරුන් වන කවීෂාන් දිසානායක සහ අශාන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අනෙක් දෙදෙනා වනවා.
සී.එස්.එන් නාලිකාවේ සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙනුයි ඔවුන් චෝදනාවට ලක්ව සිටින්නේ.
රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු මෙම පිරිසගේ සුවදුක් විමසීම සදහා අද (31) දිනයේ කිසිවෙකුටත් අවස්ථාව හිමිවන්නේ නැහැ.
බන්ධනාගාර නීති රෙගුලාසි අනුව ඉරිදා දිනයන්හිදි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පුද්ගලයන් බැලීම සදහා කිසිවෙකුට අවස්ථාව ලබාදී නැහැ.