ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 22ක් සමග එම සමාගම කටාර් ගුවන් සේවයට විකිණීමට හවුල් ආණ්ඩුවේ ප්රබලයින් සූදානම් වන බව එම සමාගමේ සේවකයින් හෙළිකරයි.
මේ පිළිබඳව ඉහළ පෙළේ සාකච්ඡාවක් පසුගියාදා පවත්වා තිබෙන අතර එහිදී තීරණය වී ඇත්තේ කටාර් ගුවන් සේවයට ශ්රී ලංකන් ගුවන් සේවය විකිණීමට සූදානම් බවය. ශ්රී ලංකන් ගුවන් සමාගමේ කොටස් හිමි සේවක කොටස්කරුවන්ගේ විශේෂ රැස්වීමක්ද පසුගියදා කොළඹදී පවත්වා තිබෙන අතර එහිදී යෝජනා කර ඇත්තේ එක් සේවක කොටසක වටිනාකම රුපියල් 50ක් ලෙසටය. එම යෝජනාව සේවකයින් ප්රතික්ෂේප කරමින් ඉදිරිපත් කර ඇති එක් සේවක කොටසක් රුපියල් 5000කට අලෙවි කළ යුතු බවය.
මීට පෙර එමිරේට්ස් ගුවන් සේවය ශ්රී ලංකන් ගුවන් සේවය ලබා ගැනීමේදී සේවක කොටසක වටිනාකම ලෙස රුපියල් 245ක් ගෙවූ බව සේවකයින් එහිදී ප්රකාශ කර තිබේ. එසේ තිබියදී ඉතා අඩු මුදලකට සේවක කොටස් මිලදී ගැනීමට සූදානම් වන බවට ශ්රී ලංකන් සේවකයෝ චෝදනා කරති.
එමිරේට්ස් ගුවන් සේවයට හා ශ්රී ලංකන් ගුවන් සේවය අතර ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසුව මීට වසර කිහිපයකට පෙර එය රජයට පැවරුණු අතර එතෙක් එමිරෙට්ස් ගුවන් සේවය ශ්රී ලංකන් ගුවන් සේවයෙන් ලාභ ලැබූ අතර පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ශ්රී ලංකන් ගුවන් සේවය තුළ සිදු කළ බරපතල වංච, දූෂණ, අක්රමිකතා හේතුවෙන් දැවැන්ත පාඩු ලබන ආයතනයක් බවට ශ්රී ලංකන් ගුවන් සේවය පත්විය. 2014 වසරේදී පමණක් ශ්රී ලංකන් ගුවන් සේවය රුපියල් මිලියන 30,000ක අතිවිශාල අලාභයක් ලබා තිබීමෙන් මේ බව වඩාත් පැහැදිලි වේ.