කොළඹ නගරයේ ඇතැම් මාර්ගවල සළකුණු කර ඇති කහඉරි පවා මේ වන විට අනාරක්ෂිත තත්වයකට පත්ව ඇතැයි සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා. එහිදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ කොළඹ නගරයේ සලකුණු කර ඇති කහඉරිවලින් 50කට වැඩි සංඛ්‍යාවක් අනාරක්ෂිත බවයි.
මෙම කරුණු අනාවරණ කරගෙන ඇත්තේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින්. අදාළ තත්වය පිළිබඳ නෙත් නිවුස් එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතාගෙන් විමසා සිටියා.
ඇතැම් කහ ඉරි සලකුණු කර ඇත්තේ සලකුණු කළ යුතු ස්ථානවල නොවන බවයි සභාපතිවරයා පෙන්වා දුන්නේ. අනාරක්ෂිත තත්වය ඉහළ යාමට එයද ප්‍රධාන හේතුවක් බව එ් මහතා පැවසුවා.
එ් අනුව කහඉර මතදී සිදුවන රිය අනතුරු අවම කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් අද සිට ආරම්භ කිරීමට නියමිතයි. අවදානම් ස්ථානවල ඇති කහඉරි ඉවත් කිරීමට පියවර ගන්නා බවයි වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියේ.