• Thu. Feb 2nd, 2023

ජාතිවාදය අවුලන විද්‍යුත් මාධ්‍ය තහනම්..!

terarsist

කවරා කාරයක හෝ ජාතිවාදය ද ආගම්වාදය අවුලවාලීම හෝ යම් ජන කොට්ඨාසයක් වෙනස් කොට සැලකීම, අපහාසයට ලක් කරන යම් විද්‍යුත් මාධයක් වේනම් එහි බලපත‍්‍රය අවලංගු කිරීම සඳහා නව නීති ගෙන ඒමට ආණ්ඩුව බලාපොරොත්තු වන බව අගමැති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
මෙම තහනම විද්‍යුත් මාධ්‍ය සඳහා පමණක් වලංගු වන අතර විදුලි සංදේශ නියාමන කොමිසමට මේ සඳහා බලය පැවැරෙන ලෙස නව පනත් කෙටුම් පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

මෙරට මාධ්‍ය වගකීම් විරහිත ලෙස ජාතිය, ආගම මුල් කර ගත් කරුණු සම්බන්ධයෙන් කටයුතු කරන බවට පසුගිය බ‍්‍රහස්පතින්දා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දැඩි ප‍්‍රකාශයක් පාර්ලිමේන්තුවේ දී කළේය. එය මාධ්‍යයේ නිදහස සම්බන්ධයෙන් යම් අනතුරුදායක ප‍්‍රකාශයක් වුව ද ඔහු විසින් මතු කරනු ලැබූ එම කරුණු මෙරට දේශපාලන පක්ෂ නායකයකු ජාතිවාදයට එරෙහිව ඍජුව කරුණු දැක් වූ අවස්ථාවක් ලෙසත් එය පැසසුම් සහගත බවත් දේශපාලන චිචාරකයන්ගේ මත වී තිබේ.

මුද්‍රිත මාධ්‍ය අවකාශය හා විද්‍යුත් මාධ්‍ය අවකාශය පැහැදිලිවම වෙනස් මාධ්‍ය දෙකක් ලෙස සලකනු ලබන අතර විද්‍යුත් මාධ්‍ය සඳහා ලබා දෙන ගුවන් තරංග රටේ සමස්ත ජනතාවට අයිති වන බැවින් විද්‍යුත් මාධ්‍ය පාලනය කිරීමේ වගකීමක් නිරන්තරයෙන් රජය සතු වේ.

මුද්‍රිත මාධ්‍ය සම්බන්ධයෙන් එවැනි තත්ත්වයක් නැත. සාමාන්‍යයෙන් ලොව පුරා විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන් රජයයන් කටයුතු කරනු ලබන්නේ ගුවන් තරංගවල හිමිකාරීත්වය ජනතාව හෙවත් රජය සතුය කියන පිළිගැනීම මත සිටය.

මුද්‍රිත මාධ්‍ය මෙන් නොව විද්‍යුත් මාධ්‍ය ප‍්‍රචාරය කරන්නේ සීමිත මහජන දේපළක් වන ගුවන්විදුලි තරංග සංඛ්‍යාත උපයෝගී කර ගැනීමෙනි. එය බෙදා දීම රජය විසින් කළ යුතු වේ. එම බෙදා දීම සාධාරණ වීම විය යුතුය. විකාශය කරනු ලබන දෑවලින් කිසිවකුට අගතියක් නොවිය යුතුය. මේ හේතුවෙන් විද්‍යුත් මාධ්‍ය අන්තර්ගතය පිළිබඳ නිසි පොදු මාර්ගෝපදේශ පැනවීමද විදුලි සංදේශ නියාමන කොමිසම ට අයත් කටයුත්තකි. නමුත් ඒ ස්වාධීන ආයතනයක් ලෙස පැවතීම ඉතා වැදගත්ය.

ඇතැම් රටවල සියලූ විද්‍යුත් මාධ්‍ය එකතුව අන්තර්ගතය සම්බන්ධයෙන් පොදු ස්වයං නියාමන ක‍්‍රමවේදයක් අනුගමනය කරන අතර එවැනි අවස්ථාවල දී බලපත‍්‍ර හිමි විද්‍යුත් මාධ්‍ය ආයතනය එම පොදු ස්වයං නියාමන ක‍්‍රමයේ බලයට නතුවන සාමාජිකයෙක් වීම අත්‍යවශ්‍යය වේ.

නියාමන ආයතනය විසින් එකඟ වන පරිදි නිසි ප‍්‍රමිති සංග‍්‍රහයකට (code of conduct) අනුව මාධ්‍ය නිෂ්පාදන හා ප‍්‍රචාර කටයුතු ඉටු කළ යුතුය. අන්තර්ගතයේ නිරවද්‍යතාවය, පෞද්ගලික නිදහස, බාලවයස්කරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ විධිවිධාන, ජන කොටසක් පහත් කොට නොසැලකීම, වර්ගවාදය අවුලාලීම, ප‍්‍රචණ්ඩත්වය සහ ලිංගික හැසිරීම සම්බන්ධ සංවේදී කරුණු මේ ප‍්‍රමිති සංග‍්‍රහය මඟින් නියාමනය කරනු ලබයි.

 

(සත්හඬ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *