බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉකුත්දා හෝමාගම අධිකරණයේදී නීතිඥවරුන්ට බැන වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා ගත හැකි විනය පියවර පිළිබඳ ඉදිරියේදී තීරණය කරන බව සියම් මහා නිකායේ කෝට්ටේ කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේ පවසති.
ශී‍්‍ර ලංකා නීතිඥවරුන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ එබව සඳහන් කර තිබේ.
ඥානසාර හිමියන් රජයේ නීතිඥවරුන්ට අපහාස කර ඇති පෙන්වා දී ඇති ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින්, ඒ සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නැයි ඉල්ලා තිබේ.
එම අවස්ථාවේදී අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ, එ් අනුව ඉදිරියේදී සංඝ සභාව කැඳවන බවයි.
මේ අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක්ද ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේ බැහැ දැක මෙම තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.