• Sat. Jan 28th, 2023

ඇප දුන් LTTE සැකකරුවන් නැවත පුනරුත්ථාපනයට.

ltte prisons

ඇප පිට නිදහස් කෙරුණු එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 36 දෙනාගෙන් 14 දෙනෙකු නැවත පුනරුත්ථාපනය කිරීමට සැරසෙන බව වාර්තා වේ.

අදාළ නඩුව පසුගිය 27 වැනිදා කැඳවූ අවස්ථාවේදී එම සැකකරුවන්ට පුනරුත්ථාපන කටයුතුවලට යොමු කිරීමට බන්ධනාගාරවෙත භාර වන ලෙස ත්‍රස්ත විමර්ශන ඒකකය ඉල්ලීමක් කර ඇතැයි පැවසේ.

කෙසේවුවද ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයකු ශ්‍රී ලංකා මිරර් වෙත කියා සිටියේ එම ඉල්ලීම කළ අවස්ථාවේ අදාළ සැකකරුවන් පුනරුත්ථාපන කටයුත්තකට යොමුවීමට සූදානම්ව නොපැමිණි බැවින් එම ඉල්ලීම ලබන 10 වැනිදා දක්වා කල් දමාගත් බවයි.

මෙසේ ඇප ලබාදීමෙන් පසුව ඔවුන් නැවත පුනරුත්ථාපනය කිරීමට පුනරුත්ථාපන කඳවුරුවලට ගාල් කිරීම ගැන කනගාටුවන බවද එම නීතීඥයා කීය.

එසේම මේ සැකකරුවන්ට ඇප ලබාදෙනු ලැබුවේ රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප දෙකක්, හා ඇප කොන්දේසි කිහිපයක් මත බවද ඔහු කියා සිටියේය.

ඒ සෑම මසකම අවසන් ඉරිදා කොළඹ හෝ වව්නියාවේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ පෙනී සිටින ලෙසත්, සෑම මාස 6කට වරක්ම අධිකරණයේ පෙනී සිටින ලෙසටත් වන ඇප කොන්දේසි මත බවයි.

 

අපිට දුන්නෙ බොරු පොරොන්දුවක් .

මේ අතර, මෙසේ නැවත පුනරුත්ථාපනයට යොමු කිරීමට නියමව ඇති සැකකරුවකු  කියා සිටියේ ඇප ලැබූ අය නිදහස් කරන බව තමා ඇතුළු පිරිසට බන්ධනාගාරයේ උපවාස කළ අවස්ථාවේදී එහි පැමිණි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන නැවත ලියාපදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා පොරොන්දු වූ බවයි.

ඒ අනුව උපවාසය අත්හැරි බවද ඔහු කීය.

කෙසේවුවද තම පිරිස නිදහස් කරණ බවට පොරොන්දුවුවද අවසානයේ තමා ඇතුළු අය මුදා හැරියේ ඇප මත බවද ඔහු පැවසීය.

ඇත්තටම අමාත්‍යවරයා ලබාදී ඇත්තේ බොරු පොරොන්දුවක් බවද ඔහු කියා සිටියේය.

මෙසේ ඇප ලැබූ පිරිස එල්.ටී.ටී.ඊ සංවිධානයට ආධාර උපකාර කිරීමේ චෝදනාව මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අය වෙති.

(Sl mirror)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *