• Fri. Jan 27th, 2023

ජනපති කොමිසමට තවත් බලතල.

maithhri

විමර්ශනවලට ලක්වන පුද්ගලයන්ගේ පවුලේ සාමාජිකයන්ගේ බැංකු ගිණුම් සහ ආදායම් පිළිබඳ තොරතුරු ලබාගත හැකි අයුරින්. බරපතල වංචා සොයන ජනාධිපති කොමිසමට අතිරේක බලතල හිමිකරදෙමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නියෝගය පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් එය නිකුත් කර ඇත්තේ ඊයේ දිනයේදියි.

තමන්ට අතිරේක බලතල අවශ්‍ය බවට කොමිෂන් සභාව කළ ඉල්ලීම මත පදනම්ව මෙම බලතල ලබාදෙන බවයි එහි සඳහන් වන්නේ.

ඒ අනුව විමර්ශනවලට ලක්වන පුද්ගලයන්ගේ පවුලේ සාමාජිකයන්ගේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු ලබාගැනීමට කොමිසමට අවසර හිමිවනවා.

එසේම ඔවුන්ගේ කටයුතුවලට අදාළව දේශීය ආදායම් කොමසාරිස්වරයා සතු සියලූ තොරතුරුද කොමිසමට ලබාගත හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *