මෙවර ශ්‍රී ලංකාවේ නිදහස් උත්සවයේදී සිංහල බසින් සහ දෙමළ බසින් ජාතික ගීය ගැයීමට උත්සාහ කිරීම ගැන සිංහල ජාති අන්ධ මුග්ධයෝ විරෝධය පා ඇත. වර්ණසිංහලා වැනි ගොබ්බ උද්ධච්ඡයන් සිතාගෙන ඉන්නේ 1948 නිදහස ලැබුවේ සෝම හාමුදුරුවන්ගේ මැදිහත් වීමෙන් කියා විය යුතුය. නමුත් ඩී.එස්ලා, සර් ජේම්ස් පීරිස් ලා අනගාරික ධර්මපාලලා ඇන් ඇම්ලා පමණක් නොව සර් පොන්නම්බලම් අරුණාචලම්ලා, සර් පොන්නම්බලම් රාමනාදන්ලා යන දෙමළ නායකයන් ද, ටී.බී. ඡයාලා එම්.සී සිද්දි ලෙබ්බෙලා වැනි දෙමළ බස කතා කළ මුස්ලිම් නායකයන්ද, බ්රෙස්ගේර්ඩල් වැනි බ්‍රිතාන්‍ය ජාතිකයන්ද, චාල්ස් එඩ්ගාර් වැනි බර්ගර් ජාතිකයන්ද වූ බව දැන ගත යුතුය.
ජාතික නිදහස් උළෙලේදී සිංහලෙන් සහ දෙමළෙන් ජාතික ගීය ගැයීම අලුත් දෙයක් නොවේ.
එදා 1948 නිදහස ලබා ගැනීමේ ප්‍රථම සංවත්සරය 1949 දී සමරද්දී ද සිංහලෙන් සහ දෙමළ බසින් ජාතික ගීය ගයා තිබේ. ඊට සාක්කියක් මේ සමග දක්වා ඇත.
මෙහි දැක්වෙන්නේ 1949 පළමු නිදහස් දින සංවත්සරය වෙනුවෙන් රජයෙන් නිකුත් කරන ලද ආරාධනා පත්රයයි. එය ඉංග්‍රීසි සිංහල දෙමළ භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය කර ඇති අතර ප්‍රථමයෙන් සඳහන් කර ඇත්තේ ඉංග්‍රීසි භාෂාවයි. එහි පැහැදිලිවම දක්වා ඇත්තේ ටොරිංටන් චතුරස්රයේ පැවැත්වෙන එම උළෙලේ දී ජාතික ගීය සිංහලෙන් සහ දෙමළෙන් ගායනා කරන බවයි.