තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (තෙල් නිමාව) සතුව මොන්ටේරෝ රථ පහක්, බී. එම්. ඩබ්ලිව් රථයක් තිබියදී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්ට යෑයි කියමින් එකක් රුපියල් අනූහයලක්ෂයක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථ පහක් අලුතින් ඇණවුම් කිරීමට කටයුතු යොදා ඇතැයි එම සමාගම පවසයි.
මෙම මෝර් රථ ලබාදීමට සුදුසුකම් සපුරා සිටින නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් පස්දෙනාට එක් අයකුට රුපියල් 60,000 ක් බැගින් මේ වන විටත් ඉන්ධන දීමනාවක් මාසිකව ලබාදෙන බවද එම සමාගම පවසයි.
තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ වියදම් කපාහරින ලෙසට නියෝග නිකුත් කරමින් අලුතින්ම සුඛෝපභෝගී වාහන මිලදී ගැනීමට ගියද මේ වන විට නීති අංශයට අධිකරණ වෙත යැමට ඒමට පවා වාහනයක් නොමැති බව වෘත්තීය සමිති පවසයි.
මේ වන විට සේවකයන්ට හිඟ වැටුප් ගෙවීමට පවා ආයතනයට මුදල් නොමැතිව තිබියදී අලුතින්ම සුඛෝපභෝගී මෝටර් රථ පහක් ආනයනය කිරීම කාගේ අවශ්‍යතාවකට සිදුවන්නක් දැයි යන්න සොයා බලන ලෙසද වෘත්තීය සමිති ඉල්ලා සිටී.
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල ඩොලර් තිහටත් වඩා අඩුව තිබුණ ද එහි වාසිය ජනතාවට නොදී එකක් රුපියල් අනූහය ලක්ෂයක් වටිනා මෝටර් රථ පහක් මිලදී ගැනීමට යැම අපරාධයක් නොවේදැයි වෘත්තීය සමිති විමසා සිටිති.