ඒකා බද්ද විපක්ෂය යැයි හඳුන්වාගන්නා මහින්ද රාජපක්ෂ පිල ඊයේ (01) පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකචී මව්බිම පුවත්පතේ මාධ්‍යවේදියා මතුකළ ප්‍රශ්නවලට පිළිතුරුදීමට නොහැකිව ප්‍රශ්න ඇසීම නවත්වන ලෙද විමල් වීරවංස මන්ත්‍රීවරයා දැඩි ස්වරයෙන් නියෝග කර ඇති බව අනාවරණය වේ.
මෙහිදී විමල් වීරවංස මන්ත්‍රීවරයා එම මාධ්‍යවේදියාගේ අංග පවා හාස්‍යයට ලක්කරමින් ප්‍රහාරයක්ද එල්ල කර ඇත. ජාතිවාදය අවුස්සන්නේයැයි සඳහන් කරමින් මාධ්‍යවේදීන් පිරිසකට පසුගිය දිනක අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී චෝදනා කර එම උණුසුම මැකී යාමටත් පෙර මහින්ද රාජපක්ෂ පිල මෙලෙස මාධ්‍යවේදීන්ගේ කටයුතු වලට බාධා කර තිබීම විශේෂත්වයක්ය.
මූල්‍ය විශුද්ධිකරණ පනත කඩකිරීම ඇතුළු චෝදනා 07ක් සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සියළු දෙනාට විරුද්ධව ආණ්ඩුව විසින් දේශපාලන පලිගැනීමක යෙදී සිටින බව මෙම ප්රවෘත්ති සාකච්ඡාවේදී අවධාරණය කරමින් ඊට එරෙහිව නැගීසිටින්නැයි මහජනතාවගෙන් ඉල්ලාසිටීමට මහින්දවාදීන් පිරිස උත්සාහ දරා ඇත.
මාධ්‍යවේදීන් ප්‍රශ්න නාගා ඇත්තේ එම තත්වයත් සමගය.
මෙම මාධ්‍ය හමුව සඳහා විමල් වීරවංස, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, සී.බී. රත්නායක, රෝහිත අබේගුණවර්ධන, ගාමිනී ලොකුගේ, එස්.එම්. චන්ද්‍රෙස්න, තිස්ස විතාරණ, ඇතුළු මහින්ද වාදීන් අතරින් සීමිත දෙනෙක් පමණක් සහභාගී වී සිට ඇත.