• Tue. Feb 7th, 2023

වීරයාට හිර බත් එපා වෙයි..!

yoshitha rajapaksha jail

දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනා බන්ධනාගාරයෙන් ආහාර නොගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේ සිට දිනකට වේල් තුනටම ආහාර නිවෙස්වලින් ගෙන්වා ගැනීමට අවසර ඉල්ලා තිබුණු අතර එයට වසරය ලබා දී ඇති බවයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේ. කෙසේ වෙතත් රාත‍්‍රී ආහාර වේල සවස 4.00ට පෙර බන්ධනාගාරයට රැගෙන විත් භාරදිය යුතු වනවා.

යෝෂිත රාජපක්ෂ මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ සී.එස්.එන්. නාලිකාවේ සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන්.

කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය ඉකුත් සෙනසුරාදා අදාළ නියෝගය ලබාදුන්නා. ඉරිදා උදෑසන වේල සඳහා යෝෂිත රාජපක්ෂ මහතා ලබාගත්තේ බන්ධනාගාරයෙන් ලබාදුන් ආහාරයි. බත් සහ පොල් සම්බෝල පමණක් මෙම ආහාරවේලට ඇතුළත් වුණා.

මේ අතර රෝහිත රාජපක්ෂ මහතා පැවසුවේ සත්‍ය කවදා හෝ ජයගනු ඇති බවයි. ඊයේ (01) පෙරවරුවේ යෝෂිත රාජපක්ෂ මහතා බැලීමට කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ ඔහු ඒ බව පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *