යෝෂිත රාජපකෂ අත් අඩංගුවට ගැනීම මහින්ද රාජපකෂ මහතා දේශපාලනයෙන් ඉවත් කිරීමේ යහපාලන කුමන්ත්රණයේ තවත් පියවරක් බවත්. එවැන්නකට රටට ආදරය කරන ජනතාව කිසි සේත් ඉඩ නොතබන බවත්, ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒකාබද්ධ විපකෂයේ කැදවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ යහපාලනය නමින් කෙරෙන මෙවැනි තුච්ච දේශපාලන පලිගැනීම් නතර කිරීමට කාලය එළඹ ඇති බවයි. රටට නිදහස ලබාදුන් නායකයාගෙන් පලිගැනීම නතර නොකරන්නේ නම් ඊට එරෙහිව ඉදිරියේදී දැඩි පියවර ගන්නා බවද රණතුංග මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි.
ක්වේට් නගරයේ ශී‍්‍ර ලාංකිකයන් අමතමින් ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (01) මේ බව සදහන් කලේය. ක්වේට්හි වෙසෙන ශී‍්‍ර ලාංකිකයන් රැස්වීම සංවිධානය කර තිබිණි. ඒකාබද්ධ විපකෂයේ ක්වේට් ශාඛාව පිහිටුවීමද රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරිණි. රැස්වීම පැවැත්වුණේ ක්වේට් හෝලි ඩයිහන් ඩවුන් ටවුන් හෝටලයේදීයි.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේ පැවසීය.
යහ පාලන ආංඩුව බලයට පත් වෙච්ච දවසෙ ඉදලම මහින්ද මහත්තයව දේශපාලනයෙන් ඉවත් කරන්න විවිධ කුමන්ත්‍රණ කලා. පවුලේ උදවිය හිර කරන්න හේතු හෙව්වා. මහින්ද මහත්තයා ලග ඉන්න ඔහුගේ දේශපාලන සගයින්ට විවිධ චෝදනා නගමින් අත් අඩංගුවට ගත්තා. ඔවුන්ගේ නෝනලා දරුවන් පවා අල්ලස් කොමිසමට සී.අයි.ඩී. එකට එෆ.සී.අයි.ඩී. එකට ගෙනිච්චා . මොකද යහ පාලන ආණ්ඩුවට තියෙන එකම හිසරදය තමයි මහින්ද මහත්තය සහ ඒකාබද්ධ විපකෂය. යෝෂිතව හිරේ දාලා මහින්ද මහත්තයව යහ පාලන ආණ්ඩුවේ දෙපතුල් ලගට ගෙන්න ගන්නයි ආණ්ඩුවට ඕනෙ වෙලා තියෙන්නේ . අපිව හිරගෙවල් පිට හිරගෙවල් වල දැම්මත් යහ පාලන ආණ්ඩුවේ දෙපතුල් ලෙව කන්න අපි ලෑස්ති නෑ. යෝෂිතව හිර කරලා මහින්ද මහත්තයව දේශපාලනයෙන් අයින් කරන්න හිතාගෙන ඉන්න ආණ්ඩුවට ඒ දේ කරන්න අපි කවදාවත් ඉඩ දෙන්නෙ නෑ.
යෝෂිතව අත්අඩංගුවට ගන්න කලින් රාජිත සේනාරත්නත් , මංගල සමරවීරත්, මාධ්‍ය හමුවල රාජපකෂ කෙනෙක් අත් අඩංගුවට ගන්නා බව කිව්වා. දැන් ඔහු අත්අඩංගුවට ගත්තට පස්සේ රන්ජන් රාමනායක , අජිත් පී. පෙරේරා වගේ අය කට මැත දොඩවනවා. යෝෂිත ඇතු`ඵ පිරිස තවමත් නීතිය හමුවේ වැරදිකරුවන් වී නැහැ. ඇත්ත හෙලිවූදාට අද මේ කට මැත දොඩවන පිරිස්වලට යන එන මං නැතිවෙයි. නීතිය සැමට සමාන විය යුතුයි. යෝෂිත ඇතු`ඵ පිරිස අත්අතඩංගුවට ගෙන රිමාන්ඩ් කරන්න තිබුණු උවමනාව හිරුණිකා සම්බන්ධයෙන් නොතිබුණේ ඇයි. ඇඹිලිපිටියේ සිද්ධිය සම්බන්ධයෙන් නැත්තේ ඇයි.
අද මේ යහපාලන ආණ්ඩුව යටතේ අපේ රටේ ජාතික ආරකෂාව බරපතල අර්බුධයකයි තියෙන්නේ ආණ්ඩුව පිහිටුවන්න උදව්කරපු දෙමළ ජාතික සංධානයේ රට ඛෙදන වැඩ පිලිවෙලට ආණ්ඩුව වක්‍රව උදව් කරමින් තිඛෙනවා. රණවිරුවන් දිවිපුදා රැකදුන් රට දැන් අනතුරේ . එදා වෙනසක් වෙනුවෙන් ඡන්දය දුන් බොහෝ දෙනා කලකිරිලා. මහින්ද මහත්තයගෙ කාලේ රට එකම වැඩ බිමක්. අද රටේ කිසිම සංවර්ධනයක් සිදු වන්නේ නෑ.
අද විදේශගත ශ්‍රමිකයන්ගේ ගැටඵ වෙනුවෙන් යහපාලන ආණ්ඩුවේ මැදිහත්වීම ප්‍රමානවත් නෑ. ඔබේ ගැටඵ විසදන්න ආණ්ඩුවට උවමනාවක් නැති බවයි පෙනෙන්නේ. යහපාලන ආණ්ඩුවට ඔය කියන තරම් ජාත්‍යන්තර ප්‍රසාදයක් නැහැ. බටහිර කියන හැමදේටම එහෙයි කියා හිස නැමීම ජාත්‍යන්තරය දිනා ගැනීමක් නෙමෙයි. ඒක නිවටකමක්. රටට අහිතකර බටහිර යෝජනා හිස් මුදුනින් පිළිගන්න ආණ්ඩුව ඒවා රටේ ජනතාව මත බලහත්කාරයෙන් පටවන්න උත්සාහ කරනවා.
ශී‍්‍ර ලංකා නිදහස් පකෂය අද අලියගෙ නැට්ටෙ එල්ලිලයි ඉන්නෙ. මේක සම්මුතිවාදී ආණ්ඩුවක් කිව්වට ශී‍්‍ර ලංකා කාරයින්ට මේ ආණ්ඩුවෙන් වෙච්ච සෙතක් නෑ. අවුරුදු 20ක් තිස්සේ යූ.එන්.පී. ආණ්ඩුවක් බලාගෙන හිටපු යූ.එන්.පී. කාරයොත් අද අනාථයි. අද රටේ තියෙන්නේ අලූත් විකල්පයක උවමනාවක්. ඒ විකල්පය බිහි වෙන්න ලොකු ඉඩක් තිඛෙනවා. ශ්‍රී ලංකා නිදහස් පකෂයෙන් ඡන්දය ඉල්ලලා ඊට පස්සේ රනිල්ගෙ තුරුල්ලට ගිය අය ලැජ්ජ නැතුව අපේ පකෂය ගැන කිඹුල් කදුඵ හෙලනවා. ඔවුන්ගේ මේ රගපෑම්වලට අපේ රටේ ජනතාව නැවත රැවටෙන්නේ නෑ. රනිල් එක්ක එක යහනේ නිදාගෙන මේ අය කියනවා අපිටත් ඒ අය වගේ වෙන්නලූ. මොන දේ වුනත් අපි රනිල්ට මුක්කු ගහන්න යන්නෙ නෑ. අපි හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පකෂය නිවටයන්ගෙන් බේරා ගන්නයි. ඒකෙදි අපිට බොහෝ කැපකිරීම් කරන්න වේවි. ඒ ඕනෑම කැපකිරීමකට අපි ලෑස්තියි.