ඒකාබද්ධ විපක්ෂය මර්දනය කිරීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව පොල් ගෙඩි ලක්ෂයක් ගසා දේව කන්නලව්වක් සිදුකිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්රකාශ කරයි. “දෙවියන්ගේ නාමයෙන් පලයව්” යන්න තේමා කරගෙන පැවැත්වෙන පොල් ගැසීමේ දේව කන්නලව්ව
සීනිගම දේවාලයෙන් ලබන 6 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.
සීනිගම දේවාලයෙන් ආරම්භ කෙරෙන පොල් ගෙඩි ලක්ෂයක් ගැසීමේ මෙම දේව කන්නලව්ව ඉදිරි දිනවලදී දිවයිනේ අනෙකුත් ප්රධාන දේවාලයන්හිදී ද සිදුකෙරෙනු ඇත.
දෙවියන් ඉදිරියේ ගසන පොල් ගෙඩි ලක්ෂයෙන් තෙල් හිඳ ඒවා දිවයිනේ සියලු දේවාලවලට පූජා කෙරෙන බව ද ඒකාබද්ධ විපක්ෂය පවසයි.
දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කරමින් ආණ්ඩුව ගෙනයන මර්දන වැඩපිළිවෙළ නතර කරන තෙක් ඒකාබද්ධ විපක්ෂය ජාතික නිදහස් දින උළෙල ඇතුළු සියලු රාජ්ය උත්සව වර්ජනය කිරීමට ද තීරණය කර තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගූණවර්ධන මහතා පැවසීය.
මෙයට අමතරව ඉදිරි දිනවලදී ජනතාව සමඟ ප්රජාතන්ත්රවාදී සාමකාමී ක්රියාවලියක නිරතවීමට ද ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇතැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.